“ඔයා අම්මව අම්මෙක් කරලා අපේ ජීවිතවලට අලුත් අරුතක් දුන්නා” - සාරාගේ කැදැල්ල හැඩකරන පුංචි කිරිල්ලී (PHOTOS)

පහුගිය කාලයේ ඔබත් දකින්න ඇති දරු ගැබක් දරාගෙන අපූරුවට නර්තනයේ යෙදුණු ඇයව.
එහෙම ඇයව දකින 'ඇතැමෙක්' වපර ඇහින් මේ ලාලිත්‍ය දැක්කට මොකද, බොහෝදෙනාගේ ඇහැ ගියේ ඇයගේ සුවිශේෂී දස්කම් දිහාවට. හැකියාව දිහාවට.
ඒ වෙනින් කවුරුත් නෙවෙයි, ජනප්‍රිය නර්තන ශිල්පිනි සාරා අබේවර්ධන.
දරු ගැබක් දරාගෙන හැඩට පා තබන එක විතරක් නෙවෙයි, සාරා තෝරාගන්නා විලාසිතාවන් ද බොහෝ ඇස්වලින් විනිශ්චය කරපු වාර සෑහෙන්න.
ඒවා කොහොම වුණත් සාරා කළේ සිය ගමන සාර්ථකවම ඉදිරියට ගෙන යාම. ඈ විශේෂ වන්නේ ඒ නිසයි.
සාරා ගැන කතාබහට මූලික වුණේ ඈ සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කළ ආදරණීයම සේයා රූ කිහිපයක්.
ඒ වෙනින් කාගෙවත් නෙවෙයි, පුංචි සාරාගේ. එහෙමත් නැත්නම් “TRASA NORYANA AMATH'' නම් හුරතල් පැංචිගෙ.
සමාජ මාධ්‍යයේ සක්‍රීය චරිතයක් වන සාරා, දියණිය ට්‍රාසාගේ සේයා රූ ආදරණීයන් එක්ක බෙදාගන්න අමතක කරන්නෙ නෑ.
ගෙවුණු මව්වරුන්ගේ දිනය දවසේත් ඈ එහෙම සේයා රූ කිහිපයක් සමාජ මාධ්‍යට එක්කාසු කර තිබුණා.
ඒ ආදරණීය සටහනක් ද එක්ක...
''මගේ ආඩම්බරය සහ සතුට
ට්‍රාසා.. මගේ හිත ගොඩක් පිරිලා.
දවසක ඔයා මේක කියවයි,
ඔයා අම්මව අම්මෙක් කරලා අපේ ජීවිතවලට අලුත් අරුතක් දුන්නා, අපි ඔයාට ආදරෙයි...''
3233 Views
Comments