ලොව ප්‍රකට සුපිරි ටෙනිස් ශූරයාට නොසිතූ මොහොතක සිදුවූ අකරතැබ්බය (PHOTOS)

ලෝක ප්‍රකට සුපිරි ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච්ගේ (Novak Djokovic) හිසෙහි වතුර බෝතලයක් වැදී තිබෙනවා.
ඉතාලි විවෘත ටෙනිස් තරගයේ ජයග්‍රහණයෙන් පසු (10) වාර්තා වූ මෙම සිදුවීම හුදෙක් ''අහම්බයක්'' වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
අදාළ සිදුවීම දැක්වෙන වීඩියෝවට අනුව, නොවැක් අත්සනක් තැබීම සඳහා නරඹන්නන් වෙත සමීප වෙයි. එහිදී ඊට ඉහළින් සිටි අයෙක්ගේ බෑගයේ ඇති වතුර බෝතලයක් හිටිහැටියේම නොවැක්ගේ හිස මතට වැටේ.
බෝතලය වැදීමෙන් පසු නොවැක් දෑතින්ම හිස අල්ලාගෙන බිමට පහත් වන අතර, අසල සිටි ආරක්ෂක නිලධාරියෙක් ඔහුව ආවරණය කරගනිමින් ආරක්ෂාව සපයයි.
මෙම සිදුවීම වාර්තා වීමෙන් පසු බොහෝදෙනා නොවැක්ගේ තත්ත්වය පිළිබඳව වඩාත් විමසිලිමත් වී තිබුණා.
එලෙස තමා ගැන විමසිල්ලෙන් පසුවන කවුරුත් වෙනුවෙන් ඔහු සිය X ගිණුමෙහි මෙලෙස සඳහනක් ද තබා තිබුණා.
“කනස්සල්ලට පත් වූ ඔබේ පණිවිඩ සඳහා ස්තූතියි.
මෙය හදිසි අනතුරක්...
මම හෝටලයේ විවේක ගනිමින් සිටිමි..
ඉරිදා හමුවෙමු....”
කෙසේ නමුත් තරග සංවිධායකයින් පවසා තිබුණේ, අදාළ සිදුවීමෙන් පසු නොවැක්ගේ හිසෙහි ගැටිත්තක් මතුව තිබූ අතර එය පරීක්ෂාවට ලක්කළ බවයි.
“තරගයෙන් පසු පිටියෙන් ඉවත්ව යද්දී නොවැක් ජොකොවිච් අත්සනක් තබමින් සිටියදී වතුර බෝතලයක් හිසට වැදී ඇත.
ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා. ඔහුගේ තත්ත්වය කනස්සල්ලට හේතුවක් නොවේ..” යනුවෙන් තරග සංවිධායකින් නිවේදනයක් ද නිකුත් කර තිබුණා.
අනතුරුව තරගයෙන් පසු පැවැත්වෙන සුපුරුදු ප්‍රවෘත්ති සාකච්ඡාව ද නොපැවැත් වූ බව සඳහන්.
The tournament released a video showing that Novak Djokovic was hit on the head by accident.
The bottle slipped from a fan’s backpack.
Just a very unfortunate, unlucky situation.
268 Views
Comments