“දැන් කෙල්ලෙක්වත් බලන්නෙ නෑ.., අපි විවාහ වුණේ නෑ” - ඇත්තටම උමාලි ගෙවින් එක්ක විවාහ වුණේ නැද්ද?

ගෙවින් - උමාලි දෙන්නා ගැන පහුගිය කාලයේ වැඩි කතාබහක් ඇති වුණා.
කතාබහට හේතු වුණේ ඔවුන් දෙදෙනාම සිය සමාජ මාධ්‍ය වේදිකාවන්හි පළකළ පෝස්ටුවක්.
ඔවුන් එය පළකර තිබුණේ නිර්මාණ ප්‍රවර්ධන කාර්යක් හැටියට.
ඊට පස්සෙ හැමෝගෙම හිත්වල දැවෙන ප්‍රශ්නෙට උත්තර අරන් ගෙවින්ගේ කුළුඳුල් ගීතය “මිණිනේත්‍රනී” එළියට ආවා.
ගීතයත් එක්කම ගෙවින් - උමාලි දෙන්නගෙ හරි ලස්සන ඡායාරූප එකතුවකුත් එළියට ඇවිත් තිබුණා.
ඒවා නිකන් ම නිකන් ඡායාරූප නෙවෙයි ''මංගල ඇඳුමින් සැරසුණු ඡායාරූප''
කොහොම නමුත් මේ ඡායාරූපවලිනුත්, ඊට පෙර ගීතය නිකුත් වෙන්න කලින් ගෙවින් - උමාලි දෙදෙනා විසින් පළකළ ෆේස්බුක් සටහන්වලිනුත් ''ගෙවින් - උමාලි විවාහ වෙයි'' වැනි සිරස්තල යටතේ පුවත් මැවෙන්න ගත්තෙ නිරායාසයෙන්මයි.
ඔන්න එහෙම මැවුණු කතාවලට ගෙවින් උත්තරයක් දීලා !
''පොඩි comment එකක් දැම්මා. විවාහ වුනේ නෑනෙ.
දැන් කෙල්ලෙක්වත් බලන්නෙ නෑ
අපි music video එකක් කරේ ළමයි.
මේ මිනිස්සු සල්ලි හොයන්නෙ බොරු විකුණලා. අපි විවාහ වුනේ නෑ.
එහෙම වුණා කියලා අපි කොහෙවත් කිව්වෙත් නෑ. ඒත් මේ ඔයාලගෙ ආදරයට අපි ආදරෙයි. ජය වේවා..
අනිත් එක මේ අය මගෙ නමවත් හරියට දන්නෙ නෑනෙ. මම ගෙවින්. ගෙවිදු නෙවෙයි....''
717 Views
Comments