මඟුල්ගෙදර නිමාවී ආපසු එන ගමන අවමඟුලකින් නිමා වූ හැටි

විවාහ මංගල්‍යයකට සහභාගි වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රියක් සහ ලොරි රථයක් පසුගිය 10 දින රාත්‍රියේ දඹුල්ල දිගම්පතහ අතරමැදි කඳවුර ආසන්නයේදී අනතුරකට ලක්ව කාන්තාවක මිය ගොස්, තවත් 9 දෙනකු තුවාල ලබා දඹුල්ල මූලිකරෝහලට ඇතුළත් කර ඇතැයි සීගිරිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචි සන්ධ්‍යා කුමාරි 44 හැවිරිදි කාන්තාවකි. බරපතළ තුවාල ලැබූ අවුරුදු තුනක පමණ කුඩා දැරියක මහනුවර රෝහලට මාරු කර යැවූ බව දඹුල්ල මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
දඹුල්ල ඉනාමලුව ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල්‍යයකට සහභාගි වී හිරිවඩුන්න ප්‍රදේශයට මේ ඥාතීන් පිරිස ගමන් කරමින් සිට ඇත. හබරණ දෙසින් දඹුල්ල දෙසට යෝගට් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මේ අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් කැබ් රියේ ගමන් කළ සියලු දෙනා තුවාල ලබා ඇති බවත් සීගිරිය පොලිසිය කියයි.
මංගල සාදය තිබුණු හෝටලයේ සිට අනතුර සිදු වූ ස්ථානයට කිලෝමීටර් 4ක් පමණක්ම දුරකදී අනතුර සිදු වීම තිබෙන බවත් කැබ් රථයේ රියදුරගේ අපරික්ෂාකාරී රිය ධවානය මේ අනතුරට හේතු වී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව සීගිරිය පොලිසියේ නිලධාරීහු පවසති.
අනතුරට පත් කැබ් රිය සහ ලොරි රථය මේ වන විට සීගිරිය පොලිසියට රැගෙන ගොස් තිබේ.
අනතුරට පත් බොහෝ දෙනකුගේ හිස ප්‍රදේශයට බරපතළ තුවාල සිදු වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය 11 දින දඹුල්ල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. සීගිරිය පොලිසිය වැඩි වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
954 Views
Comments