“ආදරය කිසිම අඩුවක් නැතුව අප අතර හැමදාම තිබුණා...” - චන්න - ගයත්‍රි යුවළගේ වැඩිමල් දියණිය රටින් යයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
12

“ආදරය කිසිම අඩුවක් නැතුව අප අතර හැමදාම තිබුණා...” - චන්න - ගයත්‍රි යුවළගේ වැඩිමල් දියණිය රටින් යයි (PHOTOS)

“ආදරය කිසිම අඩුවක් නැතුව අප අතර හැමදාම තිබුණා...” - චන්න - ගයත්‍රි යුවළගේ වැඩිමල් දියණිය රටින් යයි (PHOTOS)

ගයත්‍රි ඩයස් සිය සමාජ මාධ්‍ය වේදිකාවන්ට ආදරණීය ලියමනක් එක්කාසු කර තිබුණා.

 

ඒ ඇගේ වැඩිමල් දියණිය මලීෂා ගැන.

 

ලියමන විතරක් නෙවෙයි හරි ලස්සන ඡායාරූප කිහිපයකුත් ඊට එකතු කරලා.

 

චන්න - ගයත්‍රි විවාහය කෙළවරව ඇති වුණත් දියණියන්ගේ කටයුතු වෙනුවෙන් ඔවුන් දෙදෙනා ඉස්සර වෙන්න දෙපාරක් හිතන්නෙ නෑ.

 

මේ ඡායාරූප එකතුවෙත් ඒ බව විශේෂයෙන්ම දැකගත හැකි වුණා.

 

 

මලීෂාගේ විදෙස්ගත වීමක් වෙනුවෙනුයි ආදරණීය පවුලම මේ විදියට එක්ව තිබුණේ...

 

''අම්මා වුනත් මම…..දස මසක් කුස දරන්…ඔබ බිහි කරපු….

මම ඔබ ලද ජීවිතය ඔබට දුන්න තෑග්ගක් නොවේ…,

ජීවිතය මට දුන්න සුන්දරම වටිනාම තෑග්ගයි ඔබ…..

ජීවිතයේ ගමන ඔබව කොතැනකට ගෙන ගියත්, ඔබ සැමවිටම ආරක්ෂිත වීමට මම ප්‍රාර්ථනා කරමි.

කරදර ඔබව පහතට ඇද දැමීමට ඉඩ නොදෙන්න.

කිසිම හේතුවක් නිසා අත් නොහරින්න.

ඔබ ගැන විශ්වාස කරන්න.

ඔයා හිතනවට වඩා ඔයා ශක්තිමත් මලීෂා….

 

 

ඔබට විය හැකි හොඳම තැනැත්තා වන්න.

ආදරය අප අතර හැමදාම තිබුනා… කිසිම අඩුවක් නැතුව…

අපි ඔයාට ආදරය කරනවා.

ඔබ බවට පත් වූ ශක්තිමත්, ලස්සන, බුද්ධිමත් දියණිය ගැන අපි ආඩම්බර වෙනවා.

බුදු සරණයි පුතා….

තාත්ති, අමිමී,නංගි….''

 

 

 

views

4723 Views

Comments

arrow-up