හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා වනාන්තරයක් තුළ දී දිවියෙක් නිසා කරදරයක වැටුණු හැටි

ඕනෑම කෙනෙකුට විවේක වෙලාවට කරන්න විනෝදාශයක් තියෙනවා.
මේ කියන්න යන්නේ ඒ වගේ විනෝදාශයක යෙදෙන්න ගිහින් දිවියකුගේ පහර කෑමට ලක් වූ ක්‍රිකට් ක්‍රීඩකයකු ගැන.
ඔහු සිම්බාබ්වේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක Guy Whittall.
වනාන්තරයක ඇවිදිමින් සිටියදී ඔහු මෙලෙස දිවියකුගේ ප්‍රහාරයකට ලක්ව තිබෙන්නේ.
සිය සුරතල් සුනඛයා සමග ඇවිදිමින් සිටියදී මෙලෙස පහර කා ඇති අතර සුනඛයා ඔහුව බේරා ගැනීමට උත්සාහ කළත් දෙදෙනාම තුවාල ලබා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
1993 සිට 2003 දක්වා කාලය තුළ සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 46ක් සහ එක්දින තරග 147ක් ක්‍රීඩා කර ඇති විටල්, මේ වනවිට රෝහල්ගත කර ඇති බවටයි සඳහන් වෙන්නේ.
ඔහුගේ තත්වය බරපතල නොවන බවටයි වාර්තා වෙන්නේ.
310 Views
Comments