වසරේ ජනප්‍රියතම රූපලාවණ්‍ය ශිල්පියා සම්මානය දිනූ චන්දිමාල් ජයසිංහ කියූ කතාව

චන්දිමාල් ජයසිංහ කියන්නෙ මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නම දිනූ තරුවක්.
බොහෝ තරුණියන්ගෙ හීනයක්, චන්දිමාල්ගේ අතින් හැඩවෙන එක.
ඒ තරමට ඔහු ක්ෂේත්‍රය තුළ හරි ජනප්‍රියයි.
මෙරට විතරක් නෙවෙයි, චන්දිමාල්ට ඇති ජාත්‍යන්තර පිළිගැනීමත් සැලකිය යුතු මට්ටමේ පවතින්නක්.
එයාකාරයෙන් සිය නමට වටිනාකමක් එක්කාසු කරගත් ඔහු, ඊයේ රාත්‍රියේ දෙවන වරටත් සම්මානයට පාත්‍ර වුණා.
ඒ, Sri Lanka Wedding Awards 2023 හි වසරේ ජනප්‍රියම රූපලාවණ්‍ය ශිල්පියා හැටියට.
සම්මානය ගත් පසු ඔහු සිය සතුට මෙලෙස වචන කර තිබුණා.
''මගේ සමිමානය ඔබේ ආදරයයි ආදරනිය හැම හදවතකටම ස්තුතිය...! CJ
දෙවන ජනප්‍රියතම සම්මානය''
චන්දිමාල් මෙලෙස සම්මාන ලද ''Sri Lanka Wedding Awards'', මෙරට විවාහ මංගල ක්ෂේත්‍රය උදෙසා සුවිශේෂී මෙහෙයක් ඉටුකරනු ලබන පිරිස් ඇගයීම සඳහා ම නිර්මාණය වුණු සම්මාන වේදිකාවක්.
මෙම වේදිකාව මෙරට විවාහ මංගල ක්ෂේත්‍රයේ සියලු වෘත්තිකයන් හට ඉඩහසර වෙන්කර ඇතිවා සේම ඔවුන් හට තමන්ගේ දක්ෂතා පෙන්විය හැකි ජාත්‍යන්තර වේදිකාවක් ද වනවා.
1154 Views
Comments