JUL
17
බදු ආදායම වාර්තාගත ලෙස ඉහළට

2023 වර්ෂයේ පළමු මාස 6 තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 696,946ක් බදු ආදායම ලෙස රැස්කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
2022 වසරේ මුල් මාස 6 තුළදී එම දෙපාර්තමේන්තුව රැස්කර තිබූ බදු ආදායම සඳහන් වූයේ රුපියල් මිලියන 361,832ක් වන අතර ඒ අනුව මෙම වසරේ බදු ආදායම පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 93%කින් වර්ධනය වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
රට තුළ ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තියේ වෙනස සහ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන හේතු බව සඳහන් ය.
368 Views
Comments