මෙරට වාහන වෙළඳපළට අලුත් වෙනසක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

මෙරට වාහන වෙළඳපළට අලුත් වෙනසක්

මෙරට වාහන වෙළඳපළට අලුත් වෙනසක්

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන පළමු විදුලි ත්‍රිරෝද රථය වන වේගා ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය පසුගියදා පන්නල පිහිටි ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේදී පරීක්ෂණ ධාවනයක් සිදුකර තිබේ.

 

2022 අප්‍රේල් මාසය වන විට මෙම විදුලි ත්‍රීරෝද රථය වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව මේ සම්බන්ධව සිදුකළ සාකච්ඡාවකදී වේගා ඉනෝවේෂන් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය බේෂාන් කුලපාල මහතා පවසා තිබේ.

 

දැනට ඉන්දියාවෙන් ආනයනය කර අලෙවි කරනු ලබන සාමාන්‍ය ත්‍රිරෝද රථයකට වඩා අඩු මුදලකට එයට මිල නියම කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු පවසා සිටියේ.

 

2027 වසර වනවිට ගෝලීය වශයෙන් මෙය ඩොලර් බිලියන 32ක කර්මාන්තයක් වන බවත් සිය ඉලක්කය එයින් 10%ක කොටසක් අත්පත් කර ගැනීම බවත් ආචාර්ය බේෂාන් කුලපාල සඳහන් කරයි.

 

එම ත්‍රිරෝද රිය මේඩ් ඉන් ශ්‍රී ලංකා නිෂ්පාදනයක් බවත් වේගා ඉනෝවේෂන් සමාගමේ අධ්‍යක්ෂවරයා පවසයි.

 

සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියා කරන මෙම ත්‍රිරෝද රථය සාමාන්‍ය ත්‍රිරෝද රථයකට වඩා බොහෝ සෙයින් වෙනස් එකක්වේ.

 

මෙම ත්‍රීරෝදය එක් ආරෝපණකින් කිලෝමීට්ර 100 -120ක් අතර දුර ප්‍රමාණයක් ගමන් කළ හැකි අතර මෙහි වහල මත ඇති සූර්ය කෝෂය නිසා නවතා තබන අවස්ථාවක හෝ හිරු රශ්මිය මධ්‍යයයේ ධාවනය කෙරන අවස්ථාවකදී පවා වැඩි බලයක් ලබාගෙන වැඩි දුරක් ධාවනය කළ හැකි යැයිද ඔහු පවසයි.

 

මෙම රථයෙහි සාමාන්‍ය ත්‍රීරෝදරථයක් මෙන්ම ඉදිරිපස රියැදුරාට අමතරව පසුපස මගීන් තිදෙනෙකුට ගමන් කිරීමට හැකියාව පවතී.

 

සාමාන්‍ය ත්‍රිරෝද රථයක පසුපස භාණ්ඩ දැමීමට ස්ථානයක් නොමැති නමුත් මෙහි ඒංජිමක් නොමැති නිසා පසුපස විශාල ඉඩ ප්‍රමාණයක් ඇත.

 

“ඇත්තටම මෙය අපි ලංකාවේ වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් කරන ‌දෙයක් නෙමෙයි.

ලංකාව එක් ඉලක්කයක් තමයි. ඒ වුණාට ලෝක වෙළෙඳපොළ බැලු‍වොත් දැනට 2019 දී ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් මාර්කට් එක ඩොලර් බිලියන 28 ක්.

ඒක 2027 වෙනකොට එය ‌ඩොලර් බිලියන 32 ක් බවට ‌පත්වෙනවා.

ඒ කියන්නේ ඉක්මනින් ව්‍යාප්ත වෙන ලෝක වෙළෙඳපොළේ ලොකු ඉල්ලු‍මක් තියෙන රථයක් මේක.

අපි හිතමු ඒ වෙළඳපොළෙන් 10% ක් අපි ඉලක්ක කරනවා කියලා, ඒක ඩොලර් බිලියන 3ක්.

හැම අවුරුද්දේම ඩොලර් බිලියන 3 ක ව්‍යාපාරයක්.”

views

664 Views

Comments

arrow-up