වාහන ආනයන තහනම ලිහිල් කිරීමට මහ බැංකුව තීරණය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
26

වාහන ආනයන තහනම ලිහිල් කිරීමට මහ බැංකුව තීරණය කරයි

වාහන ආනයන තහනම ලිහිල් කිරීමට මහ බැංකුව තීරණය කරයි

වාහන ආනයනයට පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

 

ඔහු පෙන්වා දෙන්නේ රටට විදේශ විනිමය ගලා ඒම සිදුවන ආකාරයමත වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවයි.

 

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 

ඒ අනුව වාහන ආනයනය පමණක් නොව මේ වනවිට ආනයනය සම්බන්ධ බොහෝ සීමා ඉදිරියේ දී ලිහිල්වනු ඇති බව එහිදී මහ බැංකු අධිපතිවරයා කීවේය.

 

නමුත් මෙරටට ලැබෙන විදේශ විනිමය ආදායම් අනුව එම ආනයන සම්බන්ධ සීමා තුළනය වනු ඇති බවද ඔහු සඳහන් කරයි.

 

දැනට රජය සාර්ථක ලෙස කොවිඩ් මර්ධන එන්නත්කරණ කටයුතු සිදුකරන බැවින් ඉතා කඩිනමින් සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කිරීමට හැකිවනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

 

අපනයනය මූලික වූ කර්මාන්තද ඒ හරහා සුපුරුදු පරිදි ආරම්භ කිරීමට හැකි වනු ඇති බව තම විශ්වාසය බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පෙන්වාදී ඇත.

views

1381 Views

Comments

arrow-up