නිවසට අවාසනාව කැන්දන ගෘහ ලක්ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

නිවසට අවාසනාව කැන්දන ගෘහ ලක්ෂණ

නිවසට අවාසනාව කැන්දන ගෘහ ලක්ෂණ

වාස්තු ශාස්ත්‍රයට අනුව නිවසක ලක්ෂණ පිළිබඳව වනයේ විවිධ සෘෂිවරුන් විසින් කරුණු දක්වා තිබෙන අතර එම කරුණු ඉතා ගැඹුරු පරාසයක් දක්වා විහිදේ. කිසියම් නිවසක ආලෝකය සහ වාතාශ්‍රය සඳහා ප්‍රමාණයක් ලෙස කවුළු තබා නොමැති නම් එම ගෘහය පරිහරණය සඳහා කිසිසේත්ම සුදුසු නොවන අතර නිවන් නිවසක පදිංචි වූවන් හට අක්ෂි රෝග ඇතුළු විවිධාකාර රෝගී තත්ත්වය ඇතිවීමට හැකියාවක් පවතින බව විශ්වාස කෙරේ.

 

තවද ඉදිකරන ලද යම් නිවසක් හෝ එහි කොටසක් කුමන හෝ හේතුවක් නිසාවෙන් කඩාවැටීමකට හෝ ගිනි ගැනීමකට ලක්වී ඇත්නම් එම නිවසේ පදිංචි වූවන්ට සොර සතුරු පීඩා වලින් නිමක් නොවන බව සඳහන් වේ. කිසියම් නිවසක වහලය ඇතුළුව නිවසේ දෙපස උස් වී මැදින් පහත්ව පිහිටන නිවසක නිවැසියන් හැමදාම දිළිඳු බවින් පෙළෙන බව පුරාණ වාස්තු ග්‍රන්ථවල සඳහන් වේ. තවද කිසිම ගුණාංගයක් නොමැතිව ඉතාමත් ලක්ෂණ සහ ලූණු ලෙස පවතින පොහොයක පදිංචිකරුවන්ට බොහෝ කලක් ලේ විසවීමේ රෝග ඇති විය හැකි බවටද මතයක් පවතී. නිවසේ බිත්ති වල පමණක් විශාල කුහර හෝ සිදුරු දක්නට ලැබේ නම් එවන් නිවසක දරුවන් සම්බන්ධයෙන් අනවශ්‍ය කරදර හෝ දුක්පීඩා විඳීමට දෙමව්පියන්ට සිදුවන බවද නොඅනුමානයි. තවද කිසියම් නිවෙසක් නිර්මාණය කිරීමේදී එහි ජනෙල් තිබිය යුතු ප්‍රමාණයට උස සහ


මහත නොමැතිව අපිළිවෙළට පවතීනම් එම නිවසේ පදිංචි පුද්ගලයින්ගේ ගමන් විලාශය, ශරීර ලක්ෂණ ආදිය වෙනස් වී අශෝභනව පිහිටන බව ද සඳහන් වේ. තවද සම්මත ප්‍රමාණයට වඩා උසින් අඩු වී පිහිටන නිවාස වල පදිංචි වූවන් ගේ යම් නොගැලපෙන චර්යා රටාවන්ට ඇබ්බැහි වීමක් දක්නට ලැබෙන අතර උදාහරණයක් ලෙසින් සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමු වීම පෙන්වා දිය හැකිය. හැඩයෙන් සම්මත නොවී අවලස්සන වර්ණවලින් යුක්ත වෙන නිවසක විවිධාකාර අඩුපාඩුවලින් යුක්තව ජීවිතය ගත කිරීමට එහි වෙසෙන්නන්ට සිදුවන බවද තවත් මතයකි. එමෙන්ම ඉඩමේ පිහිටීම අනුව සුදුසු දිශාවට ප්‍රධාන දොර නො තබා නිර්මාණය කරන ලද නිවසක ජීවත්වන නිවැසියන්ගේ දරුවන් සදහා විවිධ අහිතකර ප්‍රතිඵල ඇති වීමේ හැකියාවක්ද පවතී. තවද කොටසක් සෑදීමෙන් හෝ කොටසක් කඩා වැටීමකට ලක් වීමක් සහිත නිවසක භෞතික සම්පත් ලැබීම් අඩුවීමක් ද පෙන්නුම් කෙරේ. ඉහත කී සියලුම අශුභ ලක්ෂණ වලින් මිදී සෞභාග්‍යයෙන් පිරුණු නිවසක ජීවත් වීම උදෙසා නිවැසියන් ගේ අවධානය යොමු විය යුතු බව ද මෙහිදී පෙන්වා දිය යුතුය.

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

views

628 Views

Comments

arrow-up