චෙක්පත් රේඛණය පිළිබඳව ඔබ දැනුවත්ද
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

චෙක්පත් රේඛණය පිළිබඳව ඔබ දැනුවත්ද

චෙක්පත් රේඛණය පිළිබඳව ඔබ දැනුවත්ද

ව්‍යාපාරික ලෝකයේ විශාල ප්‍රමාණයෙන් අද වනවිට චෙක්පත් හුවමාරු වීමක් දක්නට ලැබෙන අතර චෙක්පත් තුළින් ව්‍යාපාරිකයාට වඩාත් පහසුවක් ගෙන දේ. නිතරම මුදල් ලඟ තබා ගන්නවාට වඩා චෙක්පත් යොදා ගනිමින් ගනුදෙනු කිරීම වඩාත් ආරක්ෂාකාරී ක්‍රමයක් වන අතර ඉහළ විනිවිදභාවයකින් ද යුක්ත ගනුදෙනු කිරීමේ මාධ්‍යකි. චෙක්පත් රේඛනය කිරීම නැමැති ක්‍රියාවලියක් වයාපාරික ලෝකයේ සිදුකරනු ලබන අතර එම චෙක්පත් රේඛනය පිළිබඳව ඔබව දැනුවත් කිරීම මෙම ලිපිය හරහා සිදු කෙරේ.

 

සමාන්තර රේඛා දෙකක් චෙක්පතේ ඇඳීම මගින් චෙක්පතක් රේඛනය කිරීම සිදු කෙරේ. ඊට අමතරව ලේඛනය තුළ වචන ද ලිවිය හැකිය. මෙහිදී රේඛනය කළ චෙක්පතක් මගින් අදහස් කෙරෙනුයේ චෙක් පතක් ගෙවීම් කවුළුවෙන් නොගෙවිය හැකි බවත් සහ බැංකු ගිණුමක් හරහා පමණක් ගෙවිය යුතු බවටත් ගෙවනු ලබන බැංකුවට දැනුම් දීමකි. සාමාන්‍යයෙන් ව්‍යාපාර ලෝකයේ චෙක්පත් රේඛනය විවිධාකාරයෙන් සිදු කළ හැකි අතර වඩාත් බහුලව සිදු කරනුයේ සාමාන්‍ය චෙක්පත් රේඛනයයි. එනම් චෙක්පතක සමාන්තර රේඛා දෙකක් "සහ සමාගම" හෝ "ගනුදෙනු කල නොහැක" යන්න වචන ඇතිව හෝ නැතිව ඇති විට එය සාමාන්‍ය චෙක්පත් රේඛනයක් ලෙස සැලකේ. විශේෂ රේඛනය යනු චෙක් පතක රෙඛනයෙහි බැංකු කරුවෙකුගේ නමත් ඇතුළත් ව "ගනුදෙනු කළ නොහැක" යන වචන ඇතුව හෝ නැතුව ඇති විට එය විශේෂ රෙඛනයකි. එමෙන්ම ගනුදෙනු කල නොහැක රේඛනය යනුවෙන්ද රෙඛන ක්රමයක් අප රටෙහි ක්‍රියාත්මක වේ. එනම් යම් පුද්ගලයෙකු "ගනුදෙනු කළ නොහැක" රෙඛන සහිත චෙක්පතක් ගත් විට ඔහුට එම චෙක්පත ලබා දුන් අයට තිබූ හිමිකමට ඉහළ හිමිකමක් නොලැබේ.

 

තව ද ආදායකයාගේ ගිණුමට පමණයි යනුවෙන් ද චෙක්පත් රේඛනය වර්ථමානයේදී භාවිතා කෙරෙන අතර එහි අදහස වනුයෙ එවැනි වචන පෙළක් චෙක්පතක සමාන්තර රේඛා තුළ ඇති විට එය ගනුදෙනු කරුවාගේ ගිණුමට පමණක් බැර කළ යුතු බවට බැංකුකරුවා ට දැනුම් දීමයි. මෙවැනි චෙක්පත් රේඛනයක් විනිමය බිල්පත් ආඥා පනතේ සඳහන් වන්නේ නැති වුවද බැංකු ප්‍රජාව මෙවැනි රෙඛනයක් ව්‍යවහාරයෙන් පිළිගනී. රේඛනය කරන ලද චෙක්පතක අණ ලද බැංකුකරු සද්භාවයෙන් හා නොසැලකිලිමත් බවෙන් තොරව එම චෙක්පත රේකනය ට අනුකූලව ගෙව්වේ නම් එම බැංකු කරුට එම චෙක් පත නියම හිමිකරුට ගෙවූ විට ඇතිවන අයිතිවාසිකම් හා තත්ත්වයට හිමිකමක් හිමිවිය යුතු වේ.

 

තවද චෙක් පතක් එක් බැංකු කරුවෙකුට වැඩි බැංකුකරුවන් සංඛ්‍යාවකට විශේෂිතව රේඛනය කළ විට එම චෙක් පතෙන් අණ ලද බැංකුකරු ගෙව්වේ නම් එම බැංකුකරු චෙක් පතේ නියම හිමිකරුට වගකීමට බැඳී පවතී. තවද චෙක් පතක් සාමාන්‍යයෙන් රේඛනය කර ඇති අවස්ථාවක එම චෙක්පතෙන් අණ ලද බැංකුකරු බැංකුකරුවකු නොවන වෙනත් පාර්ශවයකට ගෙව්වේ නම් එම බැංකුකරු චෙක්පතේ නියම හිමිකරුට වගකිව යුතු වේ. චෙක්පත් රේඛනය වඩාත් අවබෝධයෙන් කළ යුත්තක් වන අතර නැතහොත් ව්‍යාපාරිකයන් වශයෙන් ඔබද බැංකුකරුවන් ද ඊට සම්බන්ධ අනෙකුත් පාර්ශවයන් ද අපහසුතාවයකට ලක් වනු ඇත. වඩාත් විනිවිදභාවයකින් යුතුව චෙක්පත් රේඛනය සිදුකරන්නේ නම් එය ඔබට මෙන්ම සමස්ථ ව්‍යාපාරික ප්‍රජාවටම හා රටේ ආර්ථිකයට ද වඩාත් යහපත් වනු ඇත.

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source: Internet

 

views

4115 Views

Comments

arrow-up