දරුවන්ගේ මානසික වර්ධනයට ගහකොළ වල ඇසුර
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

දරුවන්ගේ මානසික වර්ධනයට ගහකොළ වල ඇසුර

දරුවන්ගේ මානසික වර්ධනයට ගහකොළ වල ඇසුර

අතීතයේ අපේ වැඩිහිටි පරම්පරාව බොහෝ වෙලාවට ජීවත් වුණේ පරිසරයටම බද්ධවෙලා. ඒ වගේම අද දවසේ ඇසෙන මානසික ආතතිය වගේ රෝග තත්ත්වයන් ඔවුන්ට තිබුණේම නැති තරම්. කාලයක් සමඟ සමාජය බොහොම යාන්ත්‍රීකරණයට ලක්ව ඇතිසේම තමන්ගේ නිවස මුල් කරගෙන කොටු සීමාවක ජීවත් වෙන්න පටන් ගත්තා. මේ නිසාම කාලයත් සමග විවිධ රෝගාබාධයන් ඇති වූ අතර මානසික රෝග තත්ත්වයන්ගේ වේගය ඉහළ යෑමත් සමග මේ ගැන පර්යේෂකයින්ගේ අවධානය යොමු වුණා. ගස්කොළන් සතා සිවුපාවා මල් ඵල වැල ගැන ඔවුන්ට මතකයට නැගෙන්නේ ඉන් පසුවයි. ඒ නිසා දැන් පරිසරය ගැන ඉන් ලැබෙන කායික හා මානසික සුවය ගැන පර්යේෂකයන්ගේ අවධානය විවිධ ආකාරයෙන් යොමුව තිබෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.

ඩෙන්මාකයේ ආර්හස් සරසවියේ පර්යේෂකයන් විසින් පරිසරය සහ දරුවන්ගේ මානසික තත්ත්වය අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳව අධ්‍යනයක් සිදුකර තිබෙනවා. එහිදී ලබාගත් විශාල නියැදි පරීක්ෂාවකින් පසුව පැහැදිලි වී තිබෙන්නේ නාගරික පිරිස් අතර මානසික සංකූලතාවන් වැඩිවීමේ ප්‍රවණතාවක් ප්‍රවණතාව ඇති බවයි. ඔවුන් 1985ට පෙර හා පසු දරුවන් සන්සන්දනය කර තිබෙවා.

ඔවුන්ගේ අධ්‍යනයේදී ඉතා පැහැදිලිව පෙනී තිබෙන්නේ අවුරුදු 10 ක් වන බාල වයසේදී ගහ කොළ සහිත හරිත පරිසරයක ජීවත් වුණු දරුවන්ගේ මානසික තත්වය ඉතාම යහපත් පරිදි තිබුණු බවයි. මෙහිදී 1985 වසරට පසු උපත ලද දරුවන් ජීවත් වූයේ සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් වනාන්තර වලයි. ඒ නිසා එම දරුවන් විවිධ මානසික ගැටලු වලින් පෙලෙන බවත් පරීක්ෂකයන් විසින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව පරීක්ෂකයන් අවධාරණය කර තිබෙන්නේ දරුවන් බාලකාලයේ ගහ කොළ සතා සිව්පාවා සමග පරිසරයේ ගෙවනවා නම් එයින් ඔවුන්ගේ මානසිකත්වයට වඩාත් යහපත් බලපෑමක් ඇතිවන බවයි. ඊට අමතරව මෙම පරීක්ෂණය සිදු කරනු ලැබූවේ නාගරිකයන් 36 දෙනකුගේ නියදියක් මාස අටක් පුරාවට විවිධ පර්‍යේශන වලට ලක් කරමින්. එහිදී ලබාගත් ප්‍රතිඵල අධ්‍යයනයේදී පෙනී තියෙන්නේ විනාඩි විස්සක් පරිසරය සමග ගත කළ පුද්ගලයන්ගේ වෙහෙසකර හෝමෝන මට්ටම මුළුමනින්ම පහව තිබෙන බවයි.

ඉතින් බාල කාලේ පටන්ම දරුවන්ට හරිත පරිසර තත්වයන් නිර්මාණය කිරීම දරුවන්ගේ පමණක් නොවෙයි වැඩිහිටි සියලුදෙනාගේම මානසික තත්ත්වය නිරෝගී කර නිරෝගී පිරිසක් බවට පත් කිරීමට මහත් පිටිවහලක් වී තිබෙනවා. නමුත් අද බොහෝ දෙමව්පියන් මේ ගැන වැඩි අවධානයක් දක්වන්නේ නැහැ. ඒ අතරින් තමන්ගේ බාල කාලය සුන්දර වටපිටාවක ගෙවන ලද දෙමාපියන් තමන්ගේ දරුවන්ටද ඒ පරිසරය අත්විදින්නට ලබාදීමට උනන්දුවක් දැක්විය යුතුයි. මේ නිසා ලොකු කුඩා සියලු දෙනාම පරිසරය සමග සම්බන්ධවී ජීවිතය ගත කිරීමට හැකි හැමවිටම උත්සාහයක් දැරීමෙන් නිරෝගී සමබර මානසිකත්වයක් ළඟාකර ගැනීමට හැකියාව ලැබෙනවා. බැවින් පරිසරයෙන් ඈතවනු විනා පරිසරේට සමීපව ජීවත් වීමට හුරු වෙමු.

 

 

 

 

 

 

by Dilki Shamani

views

584 Views

Comments

arrow-up