කරවිල වල ගුණේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

කරවිල වල ගුණේ

කරවිල වල ගුණේ

අපි වැඩි දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ ප්‍රණීත රසමසවුළු වලින් බඩ පුරවා ගන්නටයි. බොහෝ වෙලාවට තිත්ත රසට අපි කැමතිම නැහැ. ඒත් දියවැඩියාවට ගොදුරුවූ පසු රෝගියකුගේ දිව්‍යමය ආහාරය බවට පත්වෙන්නේ කරවිල. නමුත් ඒ වන විට රෝගය උත්සන්න වී අවසන්. කරවිල එළවළුවක් ලෙස සැලකුවද එය පලතුරක් ලෙසද ගණන් ගන්නවා. මෙහි නිවිති මෙන් දෙගුණයක කැල්සියම් බ්‍රොකලි මෙන් දෙගුණයක බීටා කැරොටින් කෙසෙල් වල මෙන් දෙගුණයක පොටෑසියම් අඩංගු වෙනවා. අහිතකර කොලෙස්ට්‍රෝල් අඩුවෙන නිසා හෘදයාබාධ ආඝාතය වැනි අවදානම් අඩු වෙනවා.

ආයුර්වේදයට අනුව අපේ සෑම ප්‍රධාන ආහාර වේලකම පැණි රස තිත්ත රස කහට රස ලවණ රස ඇඹුල් රස කටුක රසය අම්ල රස කාෂය රස යන රසයන්ගෙන් සමන්විය යුතු වෙනවා. මේ රසයන්ගෙන් වැදගත්ම රසය තමයි තිත්ත රස කියන්නේ. අපි බොහෝ විට එය අමතක කර දමනවා.

තිත්ත රස අපේ කෑම පිඟානට එක්කර ගතහැකි හොඳම ව්‍යංජනය තමයි කරවිල. කරවිල වලින් සිරුරට එක් වන්නේ ඉතා අඩු ශක්ති ප්‍රමාණයක්. ඒ නිසා ස්ථුලතාවයත් බෝ නොවන රෝගත් ඇති වීම වලක්වනවා. නිතර කරවිල ආහාරයට ගන්නවා නම් විටමින් ඒ ඌනතාවයක් ඇති වන්නේ නැහැ. වයස්ගත වීමත් සමග ඇස්වල පෙනීම අඩු නොවීමටත් සමහර පිළිකා වැළැක්වීමට ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීමට විටමින් සී අත්‍යවශ්‍ය වෙනවා. විටමින් බී කාණ්ඩ ගණනාවක්ද සුළු ප්‍රමාණවලින් වුවත් මෙහි අඩංගු වෙනවා. මීට අමතරව යකඩ සින්ක් පොටෑසියම් මැග්නීසියම් හා ඛනිජ වර්ගද අඩංගු වෙනවා.

නිතර කරවිල ආහාරයට එක් කිරීමෙන් එක්සීමා සොරයිසිස් තත්ව අඩු වෙනවා. වගේම කුරුලෑ රහිත දීප්තිමත් සමකටද හිමිකම් කීමට හැකියාව ලැබෙනවා. මේ මඟින් සමේ පැල්ලම්ද මැකී යනවා. කුරුලෑ සහ දාදිය බිබිළි ඇතිවිට කරවිල ගෙඩි දෙකක් ගෙන තීරු කපා වතුර මිනිත්තු පහළොවක් තම්බා ගන්න. දියරය සිසිල් වන්නට හැර ස්නානය කරන ජලයට එක්කර ස්නානය කරන්න. එය ක්ලෙන්සර් ලෙසත් භාවිතා කළ හැකි‍යි. එවිට දොඩම් ගෙඩි කිහිපයක ලෙලි ගෙන දින දෙක තුනක් හිරු එලියේ වෙලාගන්න. ඇට ඉවත් කළ කුඩා කරවිල ගෙඩියක් ගෙන වේලාගත් දොඩම් ලෙලි සමඟ බ්ලෙන්ඩර් කර පල්ප් එකක් සාදා ගන්න. එය මුහුණේ ආලේපකර වියළුණු පසු සෝදා හරින්න. මෙය ඉතාම හොඳ ක්ලෙන්සර් එකක්. ඒ වගේම ඇට ඉවත් කළ කරවිල ගෙඩියක් හා පිපිඤ්ඤා ගෙඩියක් අරගෙන තම්බන්න පල්පයක් සාදා මුහුණේ හා බෙල්ලේ ගල්වන්න. වියලුණු පසු සෝදා හරින්න. දිදුලන සමකට උරුමකම් කීමට ඔබට හැකියාව ලැබේවි.


විශ්මිත ගුණ දෙන තිත්ත කරවිල පැණි වල ඇත්ත තමයි මේ. ඒ නිසා ඔබේ ආහාර වේලට හැකි හැම විටම කරවිල එකතු කරගන්න උත්සාහ කරන්න.

 

 

 

 

 

 

by Dilki Shamani

views

652 Views

Comments

arrow-up