මාළිගාවේ සැරිසරන රැජිනගේ ආත්මය

MBC නාලිකාව මගින් 2022 දෙසැම්බර් මස 9 වෙනිදා විකාශනය වුණු මේ නාට්‍යය කොටස් 12 කින් සමන්විතයි.
Cast
Kim Young Dae | Lee Heon
Park Ju Hyun | Ye So Rang
Kim Woo Seok | Lee Shin Won
Lee Heon කියන්නෙ ජොසොන් වල රජතුමා. අවුරුදු 7 කට කලින් ඔහු ඔටුන්න හිමි කුමාරයා වෙලා ඉන්න කලේ ඔහුගේ ආදරණීය බිරිඳ ( ඔටුන්න හිමි කුමරිය) මැරුණා. ඒ නිසා ඔහුට අවුරුදු 7 කට පස්සෙත් ඇයව අමතක කරගන්න බැහැ.
ඉතින් මේ අවුරුදු ගාණටම රජ පවුල සහ ඇමති මණ්ඩලය Lee Heon රජුව අයෙමත් විවාහ කරවන්න උත්සහා කලත්, ඒ හැම එකක්ම අසාර්ථක වෙලා. ඉතින් රජතුමා විවාහ වෙලා නැති නිසා මේ කාලයේ හැම කාන්තාවක්ටම විවාහ වෙන්න තහනම් කරල තියනවා. මේ විවාහ තහනම ගැන ගොඩක් මිනිස්සු තරහෙන් ඉන්නේ.
දවසක් Lee Heon රජතුමාට Ye So Rang කියලා කාන්තාවක් ගැන අහන්න ලැබෙනවා. ඇය රජතුමාගේ දිවංගත බිරිඳගේ ආත්මය රාජකීය මාලිගාව ඇතුලේ ඉන්නවා කියලා කියනවා.
477 Views
Comments