මිනීමරු මෙගාලෝඩන්ගේ නැවත ආගමනය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

මිනීමරු මෙගාලෝඩන්ගේ නැවත ආගමනය

මිනීමරු මෙගාලෝඩන්ගේ නැවත ආගමනය

මිනිස් ලේ පිපාසාවෙන් පෙළෙන දැවැන්ත මෝරකු වටා කතාව ගෙතුණ ‘Jaws’ චිත්‍රපටය විසින් මුළු ලෝක සිනමාවම මෝරු ගැන භීතිකාවෙන් පෙළෙන්නට පටන් ගත්තා. එතැන් සිට අද දක්වාම හොලිවුඩ් සිනමාවෙන් ලේ පිපාසිත මෝරු ගැන චිත්‍රපට සෑහෙන්න ප්‍රමාණයක් නිර්මාණය වෙනවා.


මේ මෝරුන්ගේ චිත්‍රපට බොහෝමයක් ත්‍රාසජනක වගේම, ලේ පිරි දර්ශන රැගත් කුතුහලයේ රසය වැඩි නිසාම ප්‍රේක්ෂකයන් බොහෝ පිරිසක් මෙවැනි ගණයේ චිත්‍රපට කෙරෙහි ආකර්ෂණය වුණා. නමුත් කාලාන්තරයක් තිස්සේ එකම⁣ වට්ටෝරුවේ කතාවක් පාදක කරගෙන නිර්මාණය වුණු නිසාම මෝරුන් ඇතුළත් චිත්‍රපට කෙරෙහි ප්‍රේක්ෂක ආකර්ෂණය අඩු වුණා වගේම ආදායම් අතින්ද ගුණාත්මක අතින්ද අසාර්ථක චිත්‍රපට බවට පත් වුණා.


නමුත් 2018 වසරේදී තිරගත වුණු ‘The Meg’ චිත්‍රපටය විසින් නැවතත් අලුත් කතාවක් තේමා කරගෙන මෝරුන් රැගත් චිත්‍රපට මාලාවකට නව පණක් ලබාදෙන්නට සමත් වුණා.


චිත්‍රපටය අති සාර්ථක වීමත් සමඟ ‘The Meg’ චිත්‍රපටයේ දෙවැන්න නිර්මාණය කරන්නට චිත්‍රපටය නිෂ්පාදනය කළ ‘Warner Brothers’ චිත්‍රපට සමාගම තීරණය කරනවා. ඒ අනුව ‘The Meg’ චිත්‍රපටයේ දෙවැන්න ලෙස ‘Meg 2 ; The Trench’ නමින් මේ අගෝස්තු මස 04 (සිකුරාදා) වැනිදා සිට ශ්‍රී ලංකාවට සමගාමීව ලොව පුරා සිනමාශාලා රැසක තිරගත කිරීම ආරම්භ කෙරුණා.


‘The Meg’ පළමු චිත්‍රපටයේ කතාව බවට පත්වූයේ මිහිපිට සැබෑවටම ජීවත් වූ අඩි 75 ක දිගින් යුතු අති දැවැන්ත බිහිසුණු මෝරෙක් පාදක කරගෙනයි. මිහිමතින් වඳවී ගොස් සිටින මෙම මෝරා වසර මිලියන 23 කට පෙර ඩයිනෝසර යුගයේ ජීවත් වූ ‘මෙගාලෝඩන්’ නමින් හැඳින්වෙන දැවැන්ත මෝරෙක්.


‘Meg 2 ; The Trench’ චිත්‍රපටයේ දැවැන්ත ‘මෙගාලෝඩන්’ මෝරකුගේ ආගමනය සිද්ධ වෙන්නේ එවැනි මෝරුන් විශාල ප්‍රමාණයක් ජීවත්ව සිටින බව ජෝනාස් ටේලර්⁣ ප්‍රමුඛ මුහුදු ගවේෂක කණ්ඩායම තහවුරු කරගනිමින්.

views

450 Views

Comments

arrow-up