වීඩියෝ කෝල් එක මැද්දෙ සිද්ධවෙන අද්භූතජනක දේ

Sync, මේ වසරේ අලුතින්ම නිකුත් වූ දෙමළ හොල්මන් චිත්‍රපටයක්. මෙය IMDB දර්ශකයේ 7/10 ක ඉහළ අගයක් ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා.
යාළුවෝ හතර දෙනෙක් ට්‍රිප් එකක් යනකොට ගැහැණු කෙනෙක් එයාලගෙ වාහනේට හැප්පෙනවා. ඉතින් මෙයාලගෙන් කෙනෙක් පොලිසියට සල්ලි දීලා ඒක යට ගහන්න කියනවා.
ඉතින් එයාලා එදා රෑ තමන්ගේ ගෙවල් වල ඉදන් වීඩියෝ කෝල් එකක් අරගෙන මේ ගැන කතා කරන්න ගන්නවා. අර හැප්පිච්ච කෙනා ඉස්පිරිතාලෙ ICU එකේ ප්‍රතිකාර ලබන ගමන් තමයි ඉන්නේ.
මේ කෝල් එකේ ඉන්නකොට මෙයාලට වෙන දේවල් අදහා ගන්න අමාරුයි. ඒ ත්‍රාසජනක අත්දැකීමට මුහුණ දීලා එයාලට මොකද වෙන්නේ කියලා දැන ගන්න ෆිල්ම් එක බලන්න.
526 Views
Comments