කැපිබරා ජෝඩු දෙකක් ලංකාවේ පදිංචියට එයි.

හීලෑ ක්ෂීරපායී සත්ත්ව විශේෂයක් වන ‘කැපිබරා’ – ‘Capybara’ සතුන් සිවුදෙනෙක් ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව එකතුවට අලුතින්ම එක්ව සිටිති.
සත්ත්ව සංරක්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සිදු කරන සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ, මධ්‍යම යුරෝපයේ රටක් වන ස්ලෝවැකියාවෙන් (Slovakia) මෙම කැපිබරා ගැහැනු සතුන් දෙදෙනකු සහ පිරිමි සතුන් දෙදෙනකු පසුගියදා ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත.
මී කුලයට අයත් ‘කැපිබරා’, ශාක වර්ග ආහාරයට ගැනීමට රුචිකත්වයක් දක්වන අතර වනාන්තර ආශ්‍රිතව ජීවත්වන සත්ත්ව විශේෂයකි.
කිලෝ 35 ත් – 66 ත් අතර බරකින් යුත් ‘කැපිබරා’ගේ ආයු කාලය අවුරුදු 08 ත් – 10 ත් අතර වේ. නිරෝධායනයෙන් පසු කැපිබරාවන් සිවුදෙනාගෙන් දෙදෙනකු පින්නවල සත්ත්වෝද්‍යානය වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
562 Views
Comments