හිසක් බද්ධ කළ අසිරිමත් ශල්‍යකර්මය

ඊශ්‍රායලයේ වෛද්‍යවරු විසින් 12 හැවිරිදි පිරිමි ළමයෙකුට ඔහුගේ හිස බද්ධ කිරීමට ශල්‍යකර්මයක් සිදු කර ඇත.
බයිසිකලයක් පදිමින් සිටියදී මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් පසු මෙම ශල්‍යකර්මය සිදු කර තිබුණි.
Suleiman Hassan නම් වූ මෙම දරුවාගේ හිස් කබල ඔහුගේ කොඳු ඇට පෙළේ ඉහළ කශේරුකාවෙන් වෙන් වී තිබේ. ළමයාට දිවි ගලවා ගැනීමේ සම්භාවිතාව තිබුණේ සියයට 50 ක් පමණක් බව ශල්‍ය වෛද්‍යවරු සඳහන් කර තිබුණි.
මෙම තත්ත්වය විද්‍යාත්මකව bilateral atlanto occipital වූ සන්ධි විස්ථාපනයක් ලෙස හඳුන්වණු ලබයි. ප්‍රතිකාරය අධීක්‍ෂණය කළ විකලාංග ශල්‍ය වෛද්‍ය ඔහාඩ් අයිනව් පැවසුවේ, ශල්‍යකර්මය සිදු කිරීමට පැය කිහිපයක් ගත වූ බවයි.
මෙම ශල්‍යකර්මය පසුගිය මාසයේ සිදු වූ නමුත්, වෛද්‍යවරු ජූලි මාසය වන තෙක් ප්‍රතිඵල ප්‍රසිද්ධියට පත් නොකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
404 Views
Comments