මනාල යුවළ කුණු වලින් නාවන රට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
09

මනාල යුවළ කුණු වලින් නාවන රට

මනාල යුවළ කුණු වලින් නාවන රට

විවාහයක් කියන්නේ ආදරෙන් බැඳුණු දෙදෙනකුට උදාවන සුන්දරම දවසකි. ඥාතීන් හා හිතවතුන් පිරිවරාගෙන සතුටෙන් සමරන ඒ දිනය, අමතක නොවන විශේෂ දිනයක් කරගන්නට හැමකෙනෙක්ම වෙහෙස වේ.

ස්කොට්ලන්තයේ දී, සිය විවාහ දිනයට පෙර ඔවුන්ගේ මිතුරන් ලබා දෙන පාන්පිටි, කුණු බිත්තර, සෝස් වර්ග, මස්, මාළු ඇතුළු මුළුතැන්ගෙයින් හොයා ගන්න නොයෙකුත් දේවලින් සමන්විත කළු පැහැයට හුරු, අප්‍රසන්න සුවඳක් සහිත ද්‍රාවණයකින් නැහැවෙන්න මනාල යුවළට සිද්ධ වේ.


මේ චාරිත්‍රය, විවාහ ජීවිතයේ ඕනම අභියෝගයක් ජයගත හැකි, ඕනම අපහාසයක් දරා ගත හැකි ශක්තිමත් යුවළක් බිහි කරන බව වයිකිං දේශයේ වැසියන්ගේ අදහස යි.

views

413 Views

Comments

arrow-up