ගෙදර බල්බය මාරු කරන්නත් තහනම් වුණු අමුතු නීතිය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
09

ගෙදර බල්බය මාරු කරන්නත් තහනම් වුණු අමුතු නීතිය

ගෙදර බල්බය මාරු කරන්නත් තහනම් වුණු අමුතු නීතිය

ලොව පුරා විවිධ රටවල, ඒ ඒ රටවල්වලට අනන්‍ය වූ නීති පද්ධති ඇත. මින් සමහරක් විශ්වාස කළ නොහැකි තරම් අමුතු ආකාරයේ නීති වේ. වික්ටෝරියාවේ බල්බ මාරු කිරීමේ නීතියද එවැන්නකි.



මේ නීතිය හමු වන්නේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙනුයි. ඒ අනුව, නිසි සුදුසුකම් නොමැති ව, ඔබට ඔබේ නිවසේ විදුලි බල්බය මාරු කිරීමට පවා හැකියාවක් නොමැති විය. මේ ආකාරයෙන් තම නිවසේ හෝ බල්බ මාරු කිරීම නීතියේ හැටියට වරදක් වූ අතර, හසුවුවහොත් ඔස්ට්‍රේලියානු ඩොලර් 10 ක දඩයකට යටත් වීමට සිදුවිය.



ඇත්තෙන් ම මෙය වික්ටෝරියාවේ බලධාරීන් පනවා තිබුණේ, ප්‍රාන්ත වැසියන්ගේම යහපත වෙනුවෙනුයි. අතීතයෙ සූත්‍රිකා පහන් ආශ්‍රිත විදුලි සැර වැදීම් වික්ටෝරියා ප්‍රාන්තයෙන් සැලකිය යුතු ලෙස වාර්තා වීම නිසා මේ නීති පනවා තිබුණි.



එම නීති අනුව විදුලි බල්බ මාරු කිරීමේ සිට, විදුලි සැපයුම සම්බන්ධ කිසිදු කටයුත්තක් කළ හැකි වන්නේ, පුහුණුව සහ සුදුසුකම් ලත් විදුලි කාර්මිකයකු වන්නේ නම් පමණයි. කෙසේ නමුත් පසුකාලීන ව විදුලි බල්බ සහ පේනු ආශ්‍රිත ආරක්ෂාව වැඩි උපාංග වෙළෙඳපොළට පැමිණීම නිසා 1998 වසරේ දී මෙම නීතිය මඳක් වෙනස් කෙරුණි.



ඒ අනුව එම වසරෙන් පසුව, වික්ටෝරියා වැසියන්ට පේනුවක් බිත්තියෙන් ගැලවීම සහ තම නිවසේ විදුලි බල්බ මාරු කිරීම, සුදුසුකම් නොමැතිව වුව ද සිදු කළ හැකි විය.

views

427 Views

Comments

arrow-up