කැන්ගරු දඩයමේ ගිය යෝධ රාජාලියා

ඔස්ට්‍රේලියාවෙන් හමුවූ, ඉපැරණි පොසිල අධ්‍යයනය කිරීමෙන් පසුව එය අතීතයේ ජීවත් වූ විශාල රාජාලි වර්ගයකට අයිති වූවක් බව හෙළි වී තිබේ. මෙය ඔස්ට්‍රේලියාවේ විසුවා යැයි සාධක හමුවූ විශාලතම රාජාලි වර්ගයයි.
ඒ අනුව මීට වසර 60,000 කට පමණ පෙර ඔස්ට්‍රේලියාවේ යෝධ රාජාලි වර්ගයක් ජීවත් වුණු බවට තහවුරු විය. මේ රාජාලි වර්ගය ‘ගැෆ්ස් පවර්ෆුල් ඊගල්’ යනුවෙන් හැඳින්වෙන අතර, ඔවුන්ගේ විද්‍යාත්මක නාමය වන්නේ Dynatoaetus gaffae වේ.
මොවුන්ගේ පියාපත් විදාහළ විට ඒවායේ පළල අඩි 10 ක් පමණ වන්නට ඇති බව තහවුරු වී තිබේ.
මේ දැවැන්ත රාජාලි වර්ගය දැවැන්ත පිලිපීන උකුස්සන්ට සහ දකුණු ඇමෙරිකාවට ආවේණික හාර්පි රාජාලියන්ට නෑකම් කියයි. මීට වසට 60,000 කට පමණ පෙර, මොවුන් වෙජ් ටේල් ඊගල් වැනි රාජාලි වර්ග සමඟ හරි හරියට ජීවත් වෙන්නට ඇති බැව් අනුමාන කෙරේ.
ඔවුන් ඉතා කාර්යක්ෂම දඩයම් කරුවන් වන්නට ඇති බැව් අනුමාන කෙරේ. විශේෂයෙන් කැන්ගරුවන් වැනි විශාල සතුන් පවා ඔවුන් සාර්ථක ව දඩයම් කරන්නට ඇති බැව් විද්‍යාඥ මතය යි.
596 Views
Comments