ග්‍රේෂන් සම්මානය කෘති දෙකකට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

ග්‍රේෂන් සම්මානය කෘති දෙකකට

ග්‍රේෂන් සම්මානය කෘති දෙකකට


2023 වසර සඳහා පැවති 30 වන ග්‍රේෂන් සම්මාන උළෙලේදී ඉංග්‍රීසි බසින් රචනා කරන ලද විශිෂ්ටතම සාහිත්‍ය කෘතියට හිමි සම්මානය කෘති දෙකකට හිමි විය.



චිරන්ති රාජපක්ෂ විසින් රචනා කරන ලද, Keeping Time and Other Stories නමැති කෙටිකතා සංග්‍රහය සහ යුධන්ජය විජේරත්නගේ The Wretched and the Damned නමැති නවකතාව එලෙස සම්මානයට පාත්‍ර විය.



ශ්‍රී ලාංකික ලේඛකයින් විසින් රචනා කරන ලද කෘති 4 ක් මෙවර අවසන් වටය සඳහා නිර්දේශ වී තිබිණි.



එම කෘති වූයේ, ඉසුරුණී මල්ලවආරච්චිගේ Flowers Teach Me To Let Go නමැති පද්‍ය සංග්‍රහය, ශිරන්ති රාජපක්ෂගේ Keeping Time and Other Stories නමැති කෙටිකතා සංග්‍රහය, ශිරාණි රාජපක්ෂගේ Samsara නමැති පද්‍ය සංග්‍රහය සහ යුධන්ජය විජේරත්නගේ The Wretched and the Damned නමැති නවකතාව ය.



මෙවර ග්‍රේෂන් සම්මානයේ විනිශ්චය මණ්ඩලය වූයේ, කීර්තිමත් ශ්‍රී ලාංකික ලේඛකයින් වන රොමේෂ් ගුණසේකර (සභාපති), කෞෂල්‍යා පෙරේරා සහ සුකන්‍යා විග්නරාජා ය.

views

399 Views

Comments

arrow-up