මැණිකේ මගේ හිතේ ලියූ දුලාන්ගේ අලුත්ම ගීතය

ලංකාවේ සේම විදෙස් රටවලද පිළිරැව් දුන් මැණිකේ මගේ හිතේ ගීතය රචනා කළ දුලාන් ඒ.ආර්.එෆ් ගේ නවතම ගීතය ඩ‍්‍රාමා ක්වීන් මේ දිනවල යූ ටියුබ් අවකාශයේ ඉමහත් ජනප‍්‍රියත්වයට පත්ව ඇත.
දුලාන් මේ වන විට නිර්මාණය කර තිබෙන ගීත සියල්ලම ඉමහත් ජනප‍්‍රියත්වයට පත්වීම විශේෂත්වයකි.
දුලාන්ගේ ඩ‍්‍රාමා ක්වීන් ගීතයේ ගායනය මෙන්ම පද රචනය ඔහුගේය. එහි රූප රචනයට මෙන්ම ගායනයටද ජනප‍්‍රිය නිළි යුරේනි නොෂිකා එක්ව සිටින්නීය.
ඇගේ ශුංගාරාත්මක රංගන විලාසය මෙන්ම ආකර්ෂණීය ගායනයද ඩ‍්‍රාමා ක්වීන් හි සාර්ථකත්වයට ඉවහල් වී ඇත.
පිරිමි ළමයකු රවටන තරුණියක් පිළිබඳ මෙම ගීතයෙන් කියැවේ. ත‍්‍රිකුණාමලයේ දින දෙකක් පුරා 40 දෙනකුගේ කණ්ඩායමක් සමඟින් මිලියන තුනක් වියදමින් ඩ‍්‍රාමා ක්වීන් ගීතය නිර්මාණය කර ඇත.
461 Views
Comments