ඉමක් කොනක් නොපෙනෙන ඝාතන රැල්ල

නිකිල් නායර්! අති දක්ෂ අධිකරණ වෛද්‍යවරයෙක්. ඉමක් කොනක් හොයාගන්න බැරි ඝාතන වල, මළ සිරුර පරීක්ෂා කරලා විතරක් අපරාධකරයා මොන වගේ කෙනෙක්ද කියලා කියන්න පුළුවන් අති දක්ෂයෙක්.
කාලයක් ඉන්දියානු රහස් ඔත්තු සේවය සමගින් රාජකාරියේ නියතුව, පසුව කුමක් හෝ හේතුවක් නිසා ඉන් ඉවත්ව, වර්තමානයේ දේශකවරයෙක් ලෙස කටයුතු කරන මහාචාර්‍යවරයෙක් තමයි නිකිල් නායර් කියන්නෙ.
හිටි හැටියේ එක පිට එක ඝාතන රැල්ලක් නිර්මාණය වෙන්න ගන්නවා. හිතාගන්නවත් බැරි විදියකින් මේ ඝාතන රැල්ලත් එක්ක නිකිල් නායර් සම්බන්ධ වෙනවා.
අධිකරණ වෛද්‍ය විද්‍යාව හා බැඳිච්ච මාහාචාර්‍යවරයෙක් කොහොමද ඝාතන රැල්ලක් එක්ක සම්බන්ධ වෙන්නෙ?
මළ සිරුරු වලින් අපරාධකරුවන් සොයායන අති දක්ෂ අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ නියතු මහාචාර්‍යවරයෙක්.
අති බිහිසුණු ආකාරයෙන් මිනිසුන් ඝාතනය කරමින් යන තිරිසන් ඝාතකයෙක්.
එම තිරිසන් ඝාතකය පසුපස හඹා යන ආරක්ෂක අංශයේ නිර්භීත ප්‍රධානියෙක්.
බොලිවුඩ් සිනමාවේ අප කොයිකවුරුත් හොඳාකාරව දන්නා අඳුරන Arshad Warsi ගේ ප්‍රධාන රංගන දායකත්වයෙන් හැඩගැන්වී, ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිකරගත්, 2020 වර්ෂයේ පෙරළිකාර බොලිවුඩ් කතා මාලාව...
278 Views
Comments