ගුවන් යානයක වින්ග්ලට් එක කියන්නේ මොකක්ද?
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

ගුවන් යානයක වින්ග්ලට් එක කියන්නේ මොකක්ද?

ගුවන් යානයක වින්ග්ලට් එක කියන්නේ මොකක්ද?

ගුවන් යානා එහෙම නැත්නම් සරලව ප්ලේන් එකක් අපි හැමෝම දැකලා තියෙනවා. බොහෝ අය ඒවායේ ගිහිල්ලත් ඇති. මේ ප්ලේන් එකක් දිහා ආශාවෙන් බලන් ඉන්න ඔබල දැකලා තියෙනවද ප්ලේන් එකේ තට්ටුදෙකේම කොනට වෙන්න තටුව නමලා තියෙනවා. (රූපය බලන්න ) ලස්සන වෙන්න එහෙම කරලා ඇති කියලා ඔබට හිතලා ඇති. ඒ නැමුම් වලින් ඉතාමත් වැදගත් කාර්යයක් ඉටු වෙනවා ඔබ දන්නවාද ?


මෙහෙම නමලා තියෙන කොටසට හදුන්වන්නේ වින්ග්ලට් (winglet ) එකක් කියලා. (ආයේ නැමුම් කියන්නේ නැහැ) වින්ග්ලට් එකට ඉතාමත් වැදගත් රාජකාරියක් තියෙනවා. රාජකාරිය පැහැදිලි කරන්න කලින් ඉපිලුම් බලය (lift ) ගැන කෙටියෙන් හැදින්වීමක් කරන්නම්. ගුවන් යානය ඉහලට එසවෙන බලය එහෙම නැත්නම් ඉපිලුම් බලය ලැබෙන්නේ
යානයේ තටුව පහලින් වැඩි පිඩන තත්ත්වයකුත් තට්ටුව ඉහළින් අඩු පීඩන තත්ත්වයකුත් පවත්වාගැනීමෙන් . ඉපිලුම් බලය ගැන වෙනම ලිපියක් ඉදිරියේදී පළ කරන්නම්.

 විද්‍යාවේ දී ඔබ ඉගෙනගෙන ඇති වැඩි පීඩන කලාපයේ සිට අඩු පීඩන කලාපය වෙත අංශූන් ගමන් කරනවා කියලා. එලෙසම ගුවන් යානයේ තටුවේ අගිස්සෙන් වැඩි පීඩනයේ සිට අඩු පීඩනය දක්වා වාතය ගලාගෙන එනවා. පිටත සිට නරඹන්නෙකුට පෙනෙන්නේ තට්ටුව අගිස්සෙන් සිහින් දුමක් වැනි යමක් සර්පිල මෙන් ගමන් කරන ආකාරයක්. මෙන්න මේ සර්පිල හදුන්වන්නේ වින්ග්ටිප් වෝටිසස් (wingtip vortices )  යනුවෙන්.

දැන්  වින්ග්ටිප් වෝටිසස් සහා වින්ග්ලට් අතර තියෙන සම්බන්ධය මොකකද?
එහෙම හිතෙනවා ඇති ඔබට
 මෙන්න මේ  වින්ග්ටිප් වෝටිසස් ගුවන් යානයේ ඉපිලුම් බලයට එකහෙලම විරුද්ධව ක්‍රියාකරන බලයක් . සරලව කිව්වොත් පස්සට අදිනවා වගේ වැඩක්. ඒ නිසා පසුපසට අදින්න බලය මැඩලගෙන ඉදිරියට ඇදෙන්න ගුවන් යානයේ එන්ජින් වලට අමතර බලයක් දරන්න වෙනවා. එහෙනම් එම පසුපසට අදින බලය මැඩලන්න ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. අන්න ඒ ක්‍රියාමාර්ග තමයි වින්ග්ලට් එකක් කියන්නේ.

මෙම පසුපසට අදින බලය ගුවන් යානයේ කාර්යක්ෂමතාවයට කෙලින්ම බලපාන කරුණක්. ගුවන් යානා ක්ෂේත්රයේ දී මේම බලය induced drag ලෙස හදුන්වනවා. වින්ග්ලට් ඇදීම මගින් වින්ග්ටිප් වෝටිසස් සම්පූර්ණයෙන් නැති වෙන්න නැහැ. නමුත් ඉතා සාර්ථකව අඩු කරන්න පුළුවන්. බොයිල් ගුවන් යානා නිෂ්පාදන සමාගමට අනුව බොයින් 757 සහ 767 ගුවන් යානා වලට වින්ග්ලට් ඇදිම මගින් සාමාන්‍ය ඉන්ධන පිරිවැය 5% කින් අඩුකර ගන්න පුළුවන් වෙලා තියෙනවා.  ඒ හේතුවෙන් කාබන්ඩයොක්සයිඩ් පිට වීමත් 5% අඩු කරගන්න පුලුවන් වෙලා තියෙනවා. වසරකට 5%ක ඉන්ධන ඉතිරියක් යනු විශාල ගුවන් සේවයකට ඉතා විශාල ඉතිරියක්. තට්ටුවේ අගිස්සෙ මේ කොටසෙන් මෙච්චර දේවල් කරන්න පුළුවන් කියලා ඔබට හිතන්න පුළුවන් ද?

 

views

539 Views

Comments

arrow-up