ගිවිසුම් නීතියෙහි එන අර්පණය සහ ප්‍රතිග්‍රහණය.
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

ගිවිසුම් නීතියෙහි එන අර්පණය සහ ප්‍රතිග්‍රහණය.

ගිවිසුම් නීතියෙහි එන අර්පණය සහ ප්‍රතිග්‍රහණය.

ඕනෑම ගිවිසුමක් නීතියේ දී වලන්ගු ගිවිසුමක් ලෙස සැලකීම සඳහා වලංගු අර්පණයක් සහ වලංගු ප්‍රතිග්‍රහණයක් තිබිය යුතුයි. මෙහිදී සංග්‍රහ කිරීමට ආරාධනා කිරීම, අර්පණය කිරීමට ආරාධනය කිරීමක් ලෙස සැලකේ. සංග්‍රහ කිරීමට ආරාධනා කිරීම මත ක්‍රියාත්මක වන්නා අර්පනයක් කරන පුද්ගලයා මිස ඇරයුම ලබන පුද්ගලයා නොවේ. එබැවින් සංග්‍රහ කිරීමට ආරාධනා කිරීම අර්පනයක් නොවේ. වෙනත් අයුරකින් සලකා බැලුවහොත් අර්පණයක් යනු ගිවිසුමක ඇරඹුම් ලක්ෂයයි. ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම පුද්ගලයකු වෙත අර්පණයක් කළ හැකිය. එහෙත් ගිවිසුමක් ඇති වීමට නම් මෙම අර්පණය ඒ ආකාරයෙන්ම ප්‍රතිග්‍රහණය කරනු ලැබිය යුතුය. අර්පණය ප්‍රතිග්‍රහණය නොකෙරේ නම් ගිවිසුමක් ඇති නොවේ. එනම් ගිවිසුමක් මියගිය හා සමාන වන අතර එය කෙදිනකවත් නැවත ප්‍රාණවත් කළ නොහැකිය. අර්පනයක් සිදුකළ හැකි ආකාර කිහිපයකි. එක් පුද්ගලයෙකුට සිදුකරන අර්පණය, නිශ්චිත මිනිසුන් කණ්ඩායමකට සිදුකරන අර්පණය සහ මුළු ලොවට ම පුළුල් ලෙස කරන අර්පණය එම ආකාර වේ.

එක් පුද්ගලයකුට කරනු ලබන අර්පණය


මෙම වර්ගයේ අර්පණයක් සුවිශේෂී අර්පණයක් ලෙසද හඳුන්වයි. මෙම වර්ගයේ අර්පණයක් කරනු ලබන්නේ එක් නිශ්චිත පුද්ගලයකුට යි. එබැවින් මෙවැනි අර්පනයක් ප්‍රතිග්‍රහනය කිරීම ද කරනු ලැබිය හැක්කේ එම නිශ්චිත පුද්ගලයාට පමණි. එය වලංගු ප්‍රතිග්‍රහණයක් වීම සඳහා අර්පණලාභියා විසින් ඔහුගේ ප්‍රතිග්‍රහණය පුහුණුකරුට දන්වනු ලැබිය යුතුය.

නිශ්චිත මිනිසුන් කණ්ඩායමකට කරනු ලබන අර්පණය

මෙහිදී අර්පණය කරනු ලබන්නේ නිශ්චිත පන්තියකට අයත් පිරිසකටයි. මෙම නිශ්චිත පන්තියට අයත් ඕනෑම පුද්ගලයකුට එවැනි අර්පනයක් ප්‍රතිග්‍රහනය කළහැකි ය. අර්පණය අනුව ක්‍රියාත්මක වීම තුලින් ප්‍රතිග්‍රහණය සිදු කෙරේ. ප්‍රතිග්‍රහනය කිරීම අර්පණ කරුට විශේෂයෙන් දැනුම් දීමේ අවශ්‍යතාවක් නැත.

මුලු ලොවටම පුළුල් ලෙස කරන අර්පණය

මෙහිදී අර්පණය කෙරෙනුයේ ඕනෑම ස්ථානයක සිටින ඕනෑම පුද්ගලයකුට ය. මෙවැනි අර්පණයක් සාමාන්‍යයෙන් සිදු කරන්නේ ජනමාධ්‍ය හරහා ය. මෙම අර්පණයක් ඕනෑම පුද්ගලයකුට ප්‍රතිග්‍රහණය කළ හැකිය. අර්පණය අනුව ක්‍රියාත්මක වීමෙන් ප්‍රතිග්‍රහනය කිරීම සිදු කෙරෙන අතර මෙම ප්‍රතිග්‍රහනය කිරීම අර්පණකරුට විශේෂයෙන් දැනුම් දීමේ අවශ්‍යතාවක් නැත.

ඕනෑම අර්පණයක් වලංගු අර්පණයක් වීම සඳහා එය ප්‍රථමයෙන් අර්පණ ලාභියාට සන්නිවේදනය කළ යුතුව ඇත. අර්පණ ලාභියාට අර්පණය ප්‍රතිග්‍රහණය කළ හැක්කේ ඔහු ඒ ගැන දැනුවත් නම් පමණි. එහි අර්ථය අර්පණ ලාභියාට තමා දැනුවත් නැති අර්පණයක් ප්‍රතිග්‍රහණය කළ නොහැකි බවයි. තැපැල් අර්පණයක් යනු තැපෑල හරහා කරන අර්පණයකි. අර්පනයක් වලංගු වීමට ප්‍රථමයෙන් එය අර්පණ ලාභියා වෙත ළඟා විය යුතු යැයි යන්න තැපැල් අර්පණය සම්බන්ධයෙන් ද අදාළ වේ.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

views

2082 Views

Comments

arrow-up