හිත ගිය තරුණියගෙන්ම විවාහ යෝජනාවක් ලැබුණොත්...

සත්‍යප්‍රේම් කියන්නේ මධ්‍යම පාන්තික පවුලක සාමාන්‍ය තරුණයෙක්. විහිළුවෙන් තහලුවෙන් ජීවිතය ගෙවෙන ඔහුට ස්ථිර වශයෙන් රස්සාවක් එහෙම නෑ. එදිනෙදා දෙයක් කරගෙන ඉන්නවා.
'කතා' කියන්නේ බොහොම ධනවත් පන්තියක ගැහැණු ළමයෙක්. සත්‍යප්‍රේම්ගෙ ක්‍රශ් එක තමයි කතා. කතා කියන්නේ නර්තන රඟ දැක්වීම්, ඉවෙන්ට් කරන කෙනෙක්. සත්‍යප්‍රේමුත් ඒවා බලන්න අනිවාරෙන්ම යනවා.
ඔහොම ටික දවසක් යනකොට එක පාරටම කතාගේ අම්මයි තාත්තයි ඇවිල්ලා එයාලගෙ දියණියව කසාද බදින්න කියලා සත්‍යප්‍රේම්ට කියනවා. සත්‍යප්‍රේම්ගෙ හිසේ මලක් පිපුණා වගේ වෙනවා.
මේ හිටි හැටියෙම තමන්ගේ ක්‍රෂ් එක වගේම, සල්ලි කන්දක් නේද මේ ඔළුවට පාත් වුණේ. ඊට පස්සෙ තමයි සත්‍යප්‍රේම්ගෙ දිවිය කණ පිට හැරෙන්නේ.
476 Views
Comments