JUN
17
ලොකුම වකුගඩු ගල ලංකාවෙන් වාර්තා වේ.

මෙතෙක් වාර්තා වූ විශාලතම වකුගඩු ගල ශල්‍යකර්මයක් මඟින් සාර්ථක ව ඉවත් කර ගිනස් වාර්තාවක් තැබීමට යුද හමුදා රෝහලේ කාර්ය මණ්ඩලය සමත් ව ඇත. මෙම ශල්‍යකර්මය ඉකුත් ජුනි 1 දා සිදු කර ඇත.
මෙසේ ඉවත් කරන ලද වකුගඩු ගල දිග අතට සෙන්ටිමීටර 13.372 ක දිගකින් යුතු අතර බරින් ග්‍රෑම් 801 ක් ලෙස සඳහන් වේ.
මින් පෙර 2004 දී හමු වූ සෙන්ටි මීටර 13 ක් දිගු වකුගඩු ගලක් ලොව විශාලතම වකුගඩු ගල ලෙස සැලකුණි. 2008 දී පාකිස්ථානයෙන් හමු වූ වකුගඩු ගලක් ලොව බරැතිම වකුගඩු ගල ලෙස පිළිගැනුණි.
යුද හමුදා රෝහලේ සිදු වූ මෙකී සැත්කමත් සමඟ විශාලතම හා බරැතිම වකුගඩු ගලට හිමි වාර්තා අලුත් විය.
452 Views
Comments