අපරාධ වාර්තාකරණය ගැන මාධ්‍යවේදීන්ට වැඩසටහනක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

අපරාධ වාර්තාකරණය ගැන මාධ්‍යවේදීන්ට වැඩසටහනක්

අපරාධ වාර්තාකරණය ගැන මාධ්‍යවේදීන්ට වැඩසටහනක්

කාර්යක්ෂම , ඵලදායී යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් සවිබල ගැන්වීම සඳහා මෙන්ම අධිකරණ පද්ධතිය හා නීතියේ ආධිපත්‍ය පිළිබඳව මහජනතාව අතර විශ්වසනීයත්වයක් ගොඩනැගීම වෙනුවෙන්, අධීකරණ වාර්තාකරණය ගුණාත්මකව පවත්වාගෙන යාම සඳහා අපරාධ වාර්තාකරණය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මැයි මස 15 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධිකරණ , බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.


අධිකරණ , බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් , අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් , නීතිපති දෙපාර්තමේන්තුව , නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව , වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය , විශ්වවිද්‍යාල ජනමාධ්‍ය අධ්‍යයන අංශ ,
UNDP ආයතනය මේ සඳහා සහභාගී වීමට නියමිතයි.


මෙම වැඩසටහනට සහභාගීවීමට කැමැත්තක් දක්වන මාණ්ඩලික වාර්තාකරුවන්, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වේදීන් , ප්‍රාදේශීය මාධ්‍යවේදීන් , වෙබ් මාධ්‍යවේදීන් 011-2452190/ 070-20099480 දුරකතන අංකයන්ට හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් තම සහභාගීත්වය තහවුරු කරන ලෙස එම අමාත්‍යංශය ඉල්ලීමක් කෙරේ.


මෙම වැඩමුළුව එම අමාත්‍යංශයේ මාධ්‍ය උපදේශක හර්ෂ බී අබේකෝන් මහතා මෙහෙයවනු ලබයි.

views

398 Views

Comments

arrow-up