දැල්වූ වායු බැලුනයක් යාපනේ නිවසක් මතට කඩා වැටීමෙන් අනතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

දැල්වූ වායු බැලුනයක් යාපනේ නිවසක් මතට කඩා වැටීමෙන් අනතුරක්

දැල්වූ වායු බැලුනයක් යාපනේ නිවසක් මතට කඩා වැටීමෙන් අනතුරක්

යාපනය වැලිවැටිතුරෙයි මුත්තුමාරි අම්මාන් හින්දු කෝවිලේ පැවති වාර්ෂික දේව මංගල්‍යය වෙනුවෙන් දල්වා ගුවනට යවන ලද වායු බැලුනයක් යාපනයේ නිවසක් මතට කඩා වැටීමෙන් ගිනිගැනීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

 

මෙම කෝවිලේ වාර්ෂික උත්සවයේ ප්‍රධාන දේව මෙහෙය අවස්ථාවේදී, ප්‍රදේශවාසී බැතිමතුන් විසින් විශාල වායු බැලුනයක් ගුවන්ගත කර ඇති අතර, එය එම අවස්ථාවේදී සාර්ථකව ගුවන්ගතවී ඇති නමුත්, පැය කිහිපයකට පසුව පේදුරුතුඩුව,  තුම්පලෙයි ප්‍රදේශයේ නිවසක් මතට කඩාවැටී ඇතැයි පැවසේ.

 

වායු බැලුනය කඩාවැටීමෙන් එම නිවසේ වහලය මත ගින්නක් ඇති වී තිබෙන අතර, ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට පියවර ගත් හෙයින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවද සඳහන් වේ.

views

422 Views

Comments

arrow-up