ඇමරිකාවේ හොඳම නීති ශිෂ්‍යයා ඩිලන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
12

ඇමරිකාවේ හොඳම නීති ශිෂ්‍යයා ඩිලන්

ඇමරිකාවේ හොඳම නීති ශිෂ්‍යයා ඩිලන්

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඩිලන් මහේන් ගුණරත්න ඇමෙරිකාවේ සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ් නීති විද්‍යාලයේ ඉගෙනුම ලබයි. ඔහු 2023 වසරේ ඇමෙරිකාවේ හොඳම නීති ශිෂ්‍යයා ලෙස සම්මානයට නිරදේශ වී ඇත.

 

‘සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ්’ නීති විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ලබන 19 වැනිදා පැවැත්වෙන අතර, නීති සිසුන් වෙනුවෙන් විශේෂ කතාවක් පැවැත්වීමට තෝරාගෙන ඇත්තේ ද ඔහු වීම විශේෂත්වයකි.

 

කැනඩාවේ උපන් ඩිලන් මහේන් ගුණරත්නගේ මවුපියෝ ලාංකිකයෝය. ඩිලන්, සිය ප්‍රථම උපාධිය ලබාගත්තේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ‘කැල් ස්ටේට්’ විශ්වවිද්‍යාලයෙනි.

 

ඉන්පසු ඔහු කැනඩාවේ ටොරොන්ටෝ නුවර ‘වයිටීවී’ නාළිකාව හා සම්බන්ධවී කටයුතු කළේය. ‘සවුත් වෙස්ටරන්’ නීති විද්‍යාලයට ඔහු ඇතුළු වූයේ ඇමෙරිකන් ඩොලර් 75,000ක ශිෂ්‍යත්වයක් දිනා ගනිමිනි.

views

400 Views

Comments

arrow-up