ශ්‍රී ලංකාවේ පෙරපාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ගැන ගැටළු රැසක්

මෙරට පෙරපාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටළු රැසක් පවතින බව ඊයේ දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රියනාත් ජයසූරිය මහතා සඳහන් කර ඇත. ඒ දැනට තුන්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ ගණිත හැකියාව 7% ක් සහ සම්පූර්ණ සාක්ෂරතාව 6% ක් තරම් අවම මට්ටමක පවතින බව අනාවරණය වී ඇති පසුබිමකය.
මෙම තත්ත්වයට පෙරපාසල් අධ්‍යාපනයේදී දරුවන්ට ලබාදෙන ඇතැම් නොගැළපෙන ක්‍රියාකාරකම් මෙන්ම දැඩි දඬුවම් පැනවීම නිසා ඔවුන්ගේ මනසට සිදුවන හානියද හේතු වී ඇති බව පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
654 Views
Comments