MAR
15
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ, පසුගිය වසරේ පැවති තත්ත්වය මත අනුයුක්ත කරන ලද ගුරුවරුන් සඳහා ගුරු මාරු මණ්ඩලය මගින් ලබාදෙන ස්ථාන මාරු ක්‍රියාත්මක වන බැවින්, ලබන 24 න් පසු අනුයුක්ත කිරීම තවදුරටත් දීර්ඝ නොකරන බවයි.
එමෙන්ම මාර්තු 24 දින දක්වා ගුරුවරුන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් අදාල උපදෙස් විධිමත් ලිපියක් මගින් පළාත් හා කලාප අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීම සිදු කරන බව වැඩිදුරටත් එම අමාත්‍යාංශය සඳහන් කළේය.
352 Views
Comments