ශ්‍රී ලාංකීය සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ සැලසුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

ශ්‍රී ලාංකීය සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ සැලසුමක්

ශ්‍රී ලාංකීය සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ සැලසුමක්

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකීය සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා ඊට අදාල නීති ප්‍රතිසංසකරණ කිරීමට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කර සිටී.

 

තේරීම් කාරක සභාවට අදහස් හා යෝජනා ලබා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නිලධාරීන් හා ජාතික අධ්‍යාපන කොමිසම් සභාවේ නිලධාරීන් පසුගිය දිනවල කැඳවා තිබූ අතර අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ අද 15 තවත් විශ්ව විද්‍යාල 5 ක නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් තේරීම් කාරක සභාව හමුවට කැඳවීමට නියමිත බවයි.

views

311 Views

Comments

arrow-up