MAR
14
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය එළඹෙන 18 වැනිදා

2020 වසරේ සිට වසර හතරක් සඳහා වන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය මාර්තු මස 18 වැනිදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා පවසයි. ඒ අනුව 2020, 2021, 2022 සහ 2023 වසර වලට අදාළ GIT විභාගය එදිනට පැවැත්වෙනු ඇත.
විභාගය පෙරවරු 9.00 ට ආරම්භ වී දහවල් 12.10 දක්වා පැවැත්වෙන බවත් මෙවර විභාග මධ්‍යස්ථාන 3269 කදී අයදුම්කරුවන් 517676 දෙනෙකු විභාගයට පෙනීසිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
365 Views
Comments