සිසුන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ගුරුවරුන් පුහුණු කිරීම ඇරඹේ

සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාලව ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු මේ වසරේ සිට ජාතික අධ්‍යාපනය විද්‍යාපීඨවල ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
පෙර පාසලේ සිටම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බවට ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය කර තිබෙන නිර්දේශයක් සමග අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාලව විෂය නිර්දේශය ඇතුළත් පොත් සකස් කළ හැකි වුවත්, එම කරුණු සිසුන්ට ඉගැන්වීම සම්බන්ධයෙන් ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් ලබා දීමේ අවශ්‍යතාව සඳහා මූලිකව අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව සඳහන් වේ.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මෙම වසරේ සිට උපාධි ප්‍රදානය කරන ආයතන බවට පරිවර්තනය කිරීමට අමාත්‍යාංශය උත්සාහ කරමින් සිටින අතර, ඒ අනුව විෂයමාලා සංශෝධනයක් ද සිදු කිරීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කර සිටී.
557 Views
Comments