මෙරට පාසල් අධ්‍යාපනයේ ප්‍රගතිශීලී වෙනස්කම් රැසක්

ඉදිරි වසර 10 ඇතුළදී සෑම පාසලකම ඉංග්‍රීසි අධ්‍යාපනය අනිවාර්යෙන් ලබාදීමටත්, ගුරුවරුන් බඳවා ගැනීමේදී ඉංග්‍රීසි දැනුම අනිවාර්ය කිරීමටත් පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට සිටී.
ඔහු මේ බව සඳහන් කළේ, මාතර රාහුල විද්‍යාලයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් ඊයේ (25) දින පැවැති ‘රහල් සියවස් ප්‍රතාප’ සියවස් සැමරුම් උත්සවයට එක් වෙමිනි.
එමෙන්ම භූගෝලය සහ ඉතිහාසය වැනි විෂයයන් පිළිබඳව ගුරුවරුන් සියළු දෙනාට අවබෝධයක් තිබිය යුතු අතර, උසස් පෙළ විෂයය ධාරාව පැවැත්වෙන සියළුම පාසල් වලට අන්තර්ජාල සබඳතා ලබා දීමටත් අනතුරුව සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන පැවැත්වෙන සියළුම පාසල් වලට අන්තර්ජාල පහසුකම් ලබාදීමටත් කටයුතු කරන බවද ජනපතිවරයා කියා සිටියේය.
එසේම, දේශගුණික විපර්යාස විෂයයක් බවට පත් කිරීමටත්, ඉතිහාසය අධ්‍යයනය පිළිබඳ නව ආයතනයක් ස්ථාපිත කිරීමටත් සැලසුම් කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා, ඉදිරියේදී අධ්‍යාපනයේ නවීකරණය වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට රජය සූදානම් බවද ප්‍රකාශ කළ අතර, 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළේදී අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් 2035 වන විට රට තුළ නව ප්‍රගතිශීලී අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම රජයේ අපේක්ෂාව බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
414 Views
Comments