නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගෙන ඒමට රජය සැරසෙයි

ඉදිරි වසර 25 සඳහා වූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් වෙනුවෙන් ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීම සඳහ කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහභායුත්වයෙන් සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විතව මෙම අනුකමිටුව පත්කිරීමට නියමිතය.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් මෙසේ අනුමත කර තිබෙන අතර, රටේ ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීමේ ක්‍රියාවලිය අතරතුර කඩිනමින් ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු ප්‍රධාන අංශයක් ලෙස රජය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රය හඳුනාගෙන ඇති බව පැවසේ.
340 Views
Comments