සරසවි ඇදුරෝ තවත් වටයක් ජනපති හමුවෙන්න සැරසේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

සරසවි ඇදුරෝ තවත් වටයක් ජනපති හමුවෙන්න සැරසේ

සරසවි ඇදුරෝ තවත් වටයක් ජනපති හමුවෙන්න සැරසේ

ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාගැනීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ජනාධිපති ලේකම්වරයා හරහා යෝජනාවක් ඉදිරිපත් කළ බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසා ඇත.

 

 

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ පිළිබඳව සඳහන් කර තිබේ.

 

 

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා ද අද දිනයේදී ජනාධිපතිවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් සිදු කළ බවට දැනුම් දී ඇත.

 

 

මේ අතර, අ. පො. ස. උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් පවතින ගැටළුවේදී රජයේ වෛද්‍යවරුන්ගේ සහය ඉල්ලන්නේ නම් තමන් එයට සූදානම් බව රජයේ වෛද්‍යවරුන්ගේ සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලනගේ මහතා පවසා තිබේ.

views

356 Views

Comments

arrow-up