MAY
25
2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර කඩිනමින් අපේක්ෂකයින් වෙත ලබා දෙන ලෙස ඉල්ලීමක්

විභාග දෙපාර්තමේන්තුව විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ 2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර කඩිනමින් අපේක්ෂකයින් වෙත ලබා දෙන ලෙසයි.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ කිසිදු හේතුවක් මත අදාළ අයදුම්පත් විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයින්ට නොදී රඳවා ගැනීම සිදුනොකළ යුතු බවයි.
විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ යම් අපේක්ෂකයෙකුට ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා විසින් භාරගත යුතු බවයි.
354 Views
Comments