උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට අදාළව තවත් විෂයන් 11ක ඇගයීම් කටයුතු අද සිට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට අදාළව තවත් විෂයන් 11ක ඇගයීම් කටයුතු අද සිට

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට අදාළව තවත් විෂයන් 11ක ඇගයීම් කටයුතු අද සිට

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ විෂයන් 05ක ඇගයීම් කටයුතු මේවනවිට අවසන් කර ඇති බවත් උසස් පෙළ පිළිතුරු ඇගයීමට අදාළව තවත් විෂයන් 11ක ඇගයීම් කටයුතු මධ්‍යස්ථාන 32කදී අද (20)  සිට ආරම්භ කරන බවත්ය.

 

ඇගයීම් කටයුතු අවසන් කළ උත්තර පත්‍ර විභාග දෙපාර්තමේන්තුව වෙත ගෙන ඒමට පියවර ගෙන ඇති බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.

 

 

මධ්‍යස්ථාන 100ට ආසන්න සංඛ්‍යාවකදී ලබන 26 වනදා සිට  සාමාන්‍ය ඉංග්‍රීසි විෂයට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.

 

සියලු විෂයන්වල පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා පාලක පිළිතුරු පත්‍ර ලකුණු කිරීම අවසන් කර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

views

386 Views

Comments

arrow-up