ඉන්දියානු අධ්‍යාපන පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවයි.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය යටතේ ක්‍රියාත්මක කරන 2023-24 අධ්‍යයන වර්ෂයේ අධ්‍යාපන පාඨමාලා සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගෙන් අයදුම්පත් කැඳවා ඇත.
ඒ අනුව එම්.බී.බී.එස්., බී.ඩී.එස්., බී.ඊ., බී ටෙච්, බී පාර්ම්, බී අර්ච්, තාක්‍ෂණ ඩිප්ලෝමා සහ පාමසි පාඨමාලාවේ උපාධි යන පාඨමාලා සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකියන්ගෙන් අයදුම්පත් කැඳවන බවත් එම පාඨමාලා සඳහා අයදුම් කිරීමට කැමති අපේක්ෂකයින් එන්.ඊ.ඊ.ටී. විභාගයේ සහ උසස් පෙළ සඳහා භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයයන් සඳහා සියයට 50 බැගින් ප්‍රතිඵල තිබිය යුතු බවත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට පස්වරු 2.00 සිට 4.00 අතර වැඩකරන දිනවල කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යාපන අංශයෙන් අයදුම්පත් ලබාගත හැක. ඒ සඳහා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සහතික සහ උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ යුතු වේ.
සම්පුර්ණ කළ අයදුම්පත්‍ර සියලුම සෙසු ලියවිලි සමඟ ලබන ජූනි මස 16 වැනිදාට පෙර යොමුකළ යුතුය.
413 Views
Comments