සා.පෙළ අසමත් වුවත් NVQ4 සහතිකයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

සා.පෙළ අසමත් වුවත් NVQ4 සහතිකයක්

සා.පෙළ අසමත් වුවත් NVQ4 සහතිකයක්

සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් සිසුන් 12 වැනි ශ්‍රේණියට ඇතුළත් කර වෘත්තීය පුහුණුව ලබාදී උසස් පෙළ විභාගයේදී අධ්‍යාපන සහතිකය වෙනුවට දහතුන් වසරක පාසල් කාර්ය දර්ශකය සහ ජාතික වෘත්තීය සුදුසුකම් 4 මට්ටම (NVQ4) සහිත සහතිකයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත.

 

මෙහිදී සිසුන් විවිධ අමාත්‍යාංශ යටතේ පවතින වෘත්තීය පුහුණු ආයතනවල පාඨමාලා 90ක් සඳහා යොමු කිරීම සිදුකෙරෙන අතර, මාස හයක නිපුණතා පාදක ප්‍රායෝගික පුහුණුවක් සහ තවත් මාස හයක රැකියා ස්ථානයක පුහුණුවීමක්ද ලබාදීමට නියමිතය.

 

මෙහිදී සිසුන්ට මෝටර් රථ තාක්ෂණ, සංචාරක, තොරතුරු තාක්ෂණ, ඉදිකිරීම්, සෞඛ්‍ය හා සත්කාර සේවා, ලෝහ ශිල්පය, ඇඟලුම් ආදි විවිධ ක්ෂේත්‍රවලට යොමුවීමට පසුබිම සකසා ඇත.

 

මෙම වැඩසටහන මගින් සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අධ්‍යාපනයෙන් ඉවත්වන සිසුන්ට අඛණ්ඩව අධ්‍යාපනය ලබාදීමටත්, අධ්‍යාපනය සම්පූර්ණ කරන සිසු අනුපාතය ඉහළ නැංවීමටද නියමිතය. ඒ අනුව උසස් පෙළ හත්වන විෂය ධාරාව ලෙස ‘වෘත්තීය විෂය ධාරාව’ නම් කිරීමට යෝජිතය.

 

මින් පසු රජයේ වෘත්තීය පුහුණු ආයතනවල NVQ4 පාඨමාලා සඳහා වාර්ෂිකව සිසුන් බඳවා ගැනීමේදී උසස් පෙළ ‘වෘත්තීය විෂය ධාරාව’ හදාරන ලද සිසුන්ට ප්‍රමුඛත්වය ලබාදීමටද රජය සැලසුම් කර තිබේ.

views

387 Views

Comments

arrow-up