MAY
26
O/L සිසුන්ට නිවේදනයක්

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා තවදුරටත් අවකාශය පවතින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
මේ අතර, කිසිදු කරුණක් මුල් කරගනිමින් සාමාන්‍ය පෙළ සිසුන්ට නිකුත් කරන විභාග ප්‍රවේශ පත්‍ර රඳවා තබා ගැනීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා සියලු විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.
සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වැනිදා ආරම්භ වෙයි.
356 Views
Comments