පාසල් වාර ඇරඹෙන දින සහ නිවාඩු කාලසීමා ගැන නිවේදනයක්

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන පරිදි 2003 පළමු පාසල් වාරයේ පළමු අදියරේ නිවාඩුව අප්‍රේල් 05 වන දා සිට 16 දක්වා ක්‍රියාත්මක වේ.
අනතුරුව පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 17 වන සඳුදා ආරම්භ වීමට නියමිත අතර, එම අදියර මැයි 24 වන සිකුරාදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
දෙවන අදියරේ නිවාඩුව මැයි 13 වන දින සිට මැයි 24 වනදා දක්වා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටී.
පළමු පාසල් වාරයේ තුන්වන අදියර මැයි 25 වන බ්‍රහස්පතින්දා සිට ජූලි විසි වන බ්‍රහස්පතින්දා දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර, පසුව තුන්වන අදියරේ නිවාඩුව ජූලි 21 වන දා සිට ජූලි 23 වන දා දක්වා ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
372 Views
Comments