අධ්‍යාපන ක්‍රමයේ සාධනීය වෙනසක් සමග නව ලොවට ඔබින වෙනස්කම් රැසක්

විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යා, කලාව හා ගණිතය යන විෂයන් සම්බන්ධ න්‍යායාත්මක දැනුම පන්ති කාමර හා විද්‍යාගාරවල දී ලබා දෙමින් සහ පන්ති කාමරයෙන් පරිබාහිරව මොඩියුලර් සහ ප්‍රායෝගික අද්දැකීම් ඔස්සේ නිපුණතා පාදකව ලබා දෙන ස්ටීම් අධ්‍යාපන සංකල්පය ක්‍රියාත්මක කරමින් මෙරට අධ්‍යාපන පද්ධතියෙන් සමාජගත වන දරුවන් වෘත්තීය අධ්‍යාපනයෙන් ද සන්නද්ධ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටී.
මෙලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සාධනීය පරිවර්තනයක් සිදු කර, ඒ ඔස්සේ වෘත්තීය නිපුණතා සහිත දරු පරපුරක් බිහි නොකළහොත්, ඉදිරියේ දී මෙරට අධ්‍යාපන පද්ධතියෙන් බිහි කරන දරු පරපුරෙන් රටට හෝ ලෝකයට ඵලදායක මෙහෙවරක් ඉටු නොවන බව ඒ මහතා අවධාරණය කොට සිටියේය.
බ්‍රිටිෂ් කවුන්සිල් වැනි ආයතන හා එක්ව ජාත්‍යන්තර පාසල්වල දරුවන්ට සමානව රජයේ පාසල්වල දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ඉහළ නැංවීමට වැඩපිළිවෙලක් සැලසුම් කොට ඇතැයි ද, විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක සිට ප්‍රියජනක ප්‍රායෝගික අධ්‍යාපනයක් දක්වා අධ්‍යාපන ක්‍රමය විතැන් කිරීමට අවශ්‍ය මූලික පියවර මේ වන විට ගනිමින් සිටින බවද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.
358 Views
Comments