මහාචාර්ය සුනිල් ආරියරත්න සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

මහාචාර්ය සුනිල් ආරියරත්න සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරට

මහාචාර්ය සුනිල් ආරියරත්න සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පස් අවුරුදු ධුර කාලයක් සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පත්කර ඇති බව වාර්තා වේ.

 

පසුගියදා අභාවප්‍රාප්ත වූ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගෙන් හිස් වූ කුලපති තනතුර වෙනුවෙන් ඔහු පත්කර ඇති බව වාර්තා වේ.

 

මෙරට සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, ගේය පද රචකයෙක් මෙන්ම කතුවරයෙක්ද වන සුනිල් ආරියරත්න මහතා 73 වන වියේ පසුවන බව සඳහන් වේ.

 

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ මහාචාර්යවරයකු ලෙස ද එතුමා සේවය කර තිබේ.

views

385 Views

Comments

arrow-up