JUN
16
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින

අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ දිනයන් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
ඒ අනුව, සෞන්දර්යය හා තාක්ෂණවේදය විෂයයන් හි ප්‍රායෝගික පරීක්ෂණ ජුනි 27 සිට ජූලි 31 දක්වාත්,
නැටුම් (දේශීය), නැටුම් (භරත), සංගීතය (පෙරදිග) - ජුනි 27 සිට ජූලි 06 දින දක්වාත්,
ඉංජිනේරු තාක්ෂණවේදය - ජූලි 12 දින හා ජූලි 21 දින දක්වාත්,
ජෛව පද්ධති තාක්ෂණවේදය - ජූලි 29 දින සිට ජූලි 31 දින දක්වාත් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
394 Views
Comments