නව පාසල් වාරය අදින් ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
12

නව පාසල් වාරය අදින් ඇරඹේ

නව පාසල් වාරය අදින් ඇරඹේ

මෙම වසරේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ වේ.

 

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මැයි මස 26 වන දින පාසල් සඳහා නිවාඩු දෙනු ලැබූ අතර ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය දක්වා පැසල් පැවැත්වීමට නියමිතය.

 

මේ අතර ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම වෙනුවෙන් සකස් කළ නව රෙගුලාසි ඇතුළත් කැබිනට් පත්‍රිකාව අද දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

පළමු වරට ආබාධිත දරුවන් පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට අදාළ විධිවිධානද මෙවර චක්‍ර ලේඛයට ඇතුළත් කර ඇති බව සඳහන් වන අතර මෙම දරුවන් සඳහා මීට පෙර සියයට 3ක ප්‍රතිශතයක් වෙන් කිරීමට යෝජනා වී තිබුණද නිශ්චිත ප්‍රතිශතයක් වෙන් නොකිරීම හේතුවෙන් ගැටලු රැසක් මතු වී තිබුණි.

 

කෙසේවෙතත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද වහාම පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන අයඳුම්පත් කැඳවීම ආරම්භ කරනු ඇති අතර මේ සඳහා තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

views

394 Views

Comments

arrow-up